හලාවත පොල් වගාවට දළඹු උවදුරක් | දිනමිණ


 

හලාවත පොල් වගාවට දළඹු උවදුරක්

දළඹු උවදුරක් හේතුවෙන් හලාවත ප්‍රදේශ කීපයක පොල් වගාව විනාශ වී යාමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ .

මේ තත්වය හලාවත මානුවනගම , බංගදෙනිය වෙහෙරකැළේ ඇතුළු ප්‍රදේශ කීපයක පැතිර ඇති බව මේ වන විට වාර්තා වී ඇත.

මේ දළඹුවා මේ වන විට මානුවනගම ප්‍රදේශයේ පොල් අක්කර සියයකට අධික ප්‍රමාණයක පැතිර ඇති අතර ඇතැම් ගස් මුළු මනින් විනාශ වී තිබේ .

මේ දළඹුවා ගේ විශේෂත්වය වන්නේ පොල් කොලයේ යුෂ මුළු මනින් උරා බිමයි .

මේ හේතුවෙන් පොල් කොලය දුබුරු පැහැගැන්වී ඉක්මනින් දිරාපත් වෙයි .

පොල් ගසක සියලු පොල් අතුවලට මේ තත්වය උදා වන අතර දළඹුවා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙයි .

මේ පිලිබදව බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව රාත්‍රී කාලයට ගිනි මැල ගැසීමට පොල් වගා කරුවනට උපදෙස් දී ඇත

(පුත්තලම දිසා සමුහ ප්‍රසාද් පුර්ණමාල් )

නව අදහස දක්වන්න