ඇඹිළිපිටිය - මිද්දෙනිය ලංගම බස් රථ යළිත් ධාවනයට | දිනමිණ


 

ඇඹිළිපිටිය - මිද්දෙනිය ලංගම බස් රථ යළිත් ධාවනයට

පිරිසකගේ පුද්ගලික හේතුන් මත වසර පහක් තිස්සේ ධාවනය නොකර,නවතා තිබු ඇඹිලිපිටිය - මිද්දෙනිය ලංගම බස් රථය යළි ධාවනයට යෙදවීමට ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත්වීම මත ඊයේ (20) පියවර ගනු ලැබීය.

මෙම බස් රථය මගින් අවට ගම්මාන 122ක ජනතාවට සේවය සැලසෙන අතර පාසල් දරුවන් ප්‍රවාහණය සඳහා එමගින් විශාල සේවයක් සිදුවිය.

එහෙත් පුද්ගලික බස් රථ අයිතිකරුවන් පිරිසකගේ ඕනෑ එපාකම් මත මෙම බසය පසුගිය වසර පහක කාලය තුළ ධාවනය කිරීම නවත්වා තිබුනි.

ඊයේ (20) යළිත් එම බස් රථය ධාවනය කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලය තුළ ග්‍රාමීය ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසූ මෙවැනි ලංගම බස් රථ ගණනාවක් සේවයෙන් ඉවත් කර තිබු බවත්, එසේ ධාවනය අත්හිටුවන බස් රථ යළි සේවයේ යෙදවීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.

නව අදහස දක්වන්න