17 දා සිට ස්කූප් සිනමා ශාලාවේදී | දිනමිණ


 

17 දා සිට ස්කූප් සිනමා ශාලාවේදී

කොලොම්බියා පික්චර්ස් හා 2.0 එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කර සෝනි පික්චර්ස් බෙදාහරින 'Bad Boys For Life' ලංකාවේ ප්‍රදර්ශනයට එකතු වන්නේ සකයිලයින් එන්ටර්ටේන්මන්ට් ආයතනය මඟිනි. 'Bad Boys For Life' යනු අමෙරිකාවේ වෙසෙන පොලිස් මිතුරන් දෙදෙනෙකුගේ ක්‍රියාදාම සපිරි ප්‍රහසන ගණයේ සිනමාපටයකි. මෙතෙක් එළි දක්වා ඇති බෑඩ් බෝයිස් චිත්‍රපට මාලාවේ තුන්වැනි සහ අවසාන චිත්‍රපටය ලෙස මෙය හඳුන්වාදී ඇත.

එකිනෙකා වෙන්කළ නොහැකි චරිත දෙකක් වන මාකස් බර්නෙට් සහ මයිකල් ලෝරි නොහොත් මයික් මේ වන විට වෙන්ව සිටින අතර වයස්ගත බර්නෙට්, පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කරයි. ජීවිතයේ මැදි වයසේ අර්බුදයකට පත්ව සිටින ලෝරි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් එකතු කර සෑදූ සහස්‍රයේ 'තරුණ තුවක්කු' කණ්ඩායමක් වන 'ඇමෝ' හි ප්‍රධානියා ලෙස පත් කරනු ලබයි. මේ තරුණ කණ්ඩායම සමඟ කිසිදු පොදු සමානකමක් ද ඔහුට නැත. මේ අතර දරුණු මැර කල්ලියක ප්‍රධානියා මයික්ගෙන් පළිගැනීමටද උත්සාහයක නිරත වෙමින් සිටියි. ඒ ඔවුන් දෙදෙනා විසින් කාලයකට පෙර මෙම මැර කල්ලියය දරුණු පරාජයකට ලක් කිරීම හේතුවෙනි. මේ වන විට මාකස් සහ මයිකල් දෙදෙනාම විශ්‍රාම ගැනීමට ආසන්න වයසකද පසුවෙයි. ඔවුන් දෙදෙනා එක්ව මැර කල්ලියට එරෙහිව එල්ල කරන අනපේක්ෂිත වූත්, බරපතල වූත් සංග්‍රාමය සිනමාපටය පුරාවටම පැතිරී ඇත.

විල් ස්මිත්, මාර්ටින් ලෝරන්ස්, වැනේසා හඩ්ජන්ස්, ඇලෙක්සැන්ඩර් ලුඩ්විග් සහ චාල්ස් මෙල්ටන් රඟන 'Bad Boys For Life' කලම්බු සිටි සෙන්ටර්හි 'ස්කූප් සිනමා සංකීර්ණයේදී' සහ ලිබර්ටි සිනමා ශාලාවේදී ජනවාරි 17 වැනිදා සිට නැ‍රැඹිය හැකිය.

නව අදහස දක්වන්න