කඩවුණු පොරොන්දුවට 73යි | දිනමිණ


 

කඩවුණු පොරොන්දුවට 73යි

කඩවුණු පොරොන්දුව ප්‍රථම කතානාද චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය කර 73 වසරක් සපිරීම හා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 48ක් සපිරීම නිමිතිකරගෙන පැවැත්වෙන විශේෂ සැමරුම් වැඩසටහනක් ජාතික චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්වේ. එය ජයන්ත ධර්මදාස මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරේ. එම සැමරුමට සමගාමීව පැරණි සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයක්ද ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී නොමිලයේ තිරගතවේ.

ඒ ය‍ටතේ මේ මස 19දා සවස 5.00ට ධර්මසිරි බණ්ඩාරනායක මහතා අධ්‍යක්ෂණය කළ ‘හංසවිලක්’ චිත්‍රපටය ද 20දා සවස 5.00ට ඩිංගිරි මැණිකා චිත්‍රපටය ද තිරගතකෙරේ.

මේ මස 21දා සවස 4.00ට සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, එදින සවස 5.00ට සැඩසුළං චිත්‍රපටයද තිරගත කිරීමට නියමිතය. චිත්‍රපට ඉදිරිපත් කිරීම තිස්ස නාගොඩ විතාන විසිනි.

 

රත්නසිරි පතිරණ

නව අදහස දක්වන්න