බලශක්ති උත්පාදන උපකරණ නිපදවන කර්මාන්ත ශාලාවක් හදන්න | දිනමිණ

බලශක්ති උත්පාදන උපකරණ නිපදවන කර්මාන්ත ශාලාවක් හදන්න

චමීර ඇල්ලදෙණිය

චීනයෙන් ඩොලර් මිලියන 400ක්

ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 200ක සූර්ය

බලශක්ති උත්පාදනය සහ සම්ප්‍රේෂණ මාර්ග උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් චීන රජය සතු සමාගමක් වන චයිනා එක්ස් ඩී සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සිදු කිරීමට එකඟතාව පළ කැර ඇත. ලෝකයේ ස්වාභාවික බලශක්ති උත්පාදන ආයතන අතර පෙරමුණේම සිටින දැනට මැලේසියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, රුසියාව සහ රටවල් 28 ක දැවැන්ත අයෝජන සිදු කර ඇති මෙම සමාගම ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 200 ක සූර්ය බලශක්ති උත්පාදනය සහ සම්ප්‍රේෂණ මාර්ග උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 කට අධික මුදලක් ආරම්භයේදී ආයෝජනය කිරීමට මෙලස කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා සාකච්ඡා කිරීමට දිවයිනට පැමිණ සිටින චයිනා එක්ස් ඩී ව්‍යාපාර සමූහයේ ආසියානු ව්‍යාපෘති භාර ප්‍රධානී ටාඕ මහතා ඇතුලු නියෝජිත පිරිසත් ඔවුන්ගේ ශ්‍රී ලාංකීය නියෝජිත පවර් ඩ්‍රයිව් ටෙක්නොලොජීස් ආයතනයේ ( Powerdrive Technologies ( pvt ) Ltq ) ප්‍රධානී චින්තක සහ ඇමැති සහ මාධ්‍ය සම්බන්ධිකරණය කල නිල්වලා සමූහ ව්‍යාපාරයේ සභාපති උපුල් ජයසිංහ යන මහත්වරුන් කර්මාන්ත අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක සහ සිවිල් ගුවන් සේවා කටයුතු ඇමැති ප්‍රසන්න රණතුංග මහතා හමුවී පසුගියදා මේ පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

ජාතික ධනය කාබාසිනියා කරන විදෙස් සංචිත ඩොලර් බිලියන ගනන් පිටරටට දියකර හරින ඩීසල් විදුලි බලාගාර වෙනුවට මෙවන්වූ පරිසර හිතකාමී ව්‍යාපෘති වැඩි වැඩියෙන් අවශ්‍ය මොහොතක මෙවන්වූ ව්‍යාපෘති ඉතාමත් වැදගත්‍ ය .

ඒ අතරම ඔවුන් අධි තාක්ෂණ යන්ත්‍රසූත්‍ර නිපදවන කර්මාන්ත ශාලාවක් පවා ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීම තුලින් දිවයිනේ රැකියා උත්පාදනයටත් , එම යන්ත්‍ර අපනයනයෙන් ආදායම් ලැබීමටත් හැකිවීම විශේෂයකි.

 

 

නව අදහස දක්වන්න