ස්විස් තානාපති කාර්යාල සේවිකාවගේ සිද්ධිය | දිනමිණ


 

ස්විස් තානාපති කාර්යාල සේවිකාවගේ සිද්ධිය

ක්‍රිෂාන්ත කුරේ-දරීෂා බැස්ටියන් නිශාන්ත ද සිල්වා රටින් පැන්න හැටි අහන්න ශානිව CID යට කැඳවයි

පැහැර ගැනීමට ලක් වුයේ යැයි පවසමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික කාන්තාව වන ගාර්නියා ෆැන්සිස් සමඟ දුරකතන සංවාදයේ යෙදුණු ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයා හා එම ආයතනයේ ඉංග්‍රිසි පුවත්පතේ හිටපු කර්තෘවරිය මෙන්ම රහස් පොලිසියේ මිනි මැරුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා යන අය දැනට ස්විස්ටර්ලන්තයට ගොස් ඇති බවට කරුණු වාර්තා වන බවත් මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා මේ මස 23 වැනි දින රහස් පොලිසියේ පෙනි සිටින ලෙසට දැනුම් දි ඇතැයි රහස් පොලිසිය ඊයේ (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම් දුන්නේය.

පැහැර ගැනිමට ලක් වුයේ යැයි පවසමින් අසත් ප්‍රකාශ කරමින් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික කාන්තාව වන ගාර්නියා ෆැන්සිස් ප්‍රකාශ අනුව සිදු කරන ලද දුරකතන විශ්ලේශනයට අනුව ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ ,ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්ස්වර් පුවත්පතේ හිටපු කර්තෘ දරීෂා බැස්ටියන් දැනට වැඩ තහනමකට ලක්ව සිටින රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර හා හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අතර දුරකථන ජාලයක් සම්බන්ධ කරුණු අනාවරණය වන බවට රහස් පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් මඟින් කරුණු දැක්විය.

සිද්ධිය ඊයේ (21) යළි කැදවු අවස්ථාවේ දි අධිකරණය හමුවේ කරුණු දැක්වු රහස් පොලිසියේ මිනිමැරුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මුණසිංහ මහතා පැවසුවේ ගාර්නියා දුන් ප්‍රකාශ අනුව 077228893 දරණ දුරකතනයේ විශ්ලේශන දත්ත වාර්තාවක් කැදවු බවත් 2019/11/10 සිට 2019/11/30 දක්වා කාලයේ ඇමතුම් සම්බන්ධ දත්ත ලබා ගත් අතර මෙම සිම් කාඩ් පත හිමිකරු වන මාධ්‍යවේදි ලක්නා තරිදු පරනමාන්න බවත් එම දුරකථන අංකය භාවිතා කරමින් ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්ස්වර් පුවත්පතේ හිටපු කර්තෘ දරීෂා බැස්ටියන් යන අය එම ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ යන අයට දුරකථන ඇමතුම් ලබා ගන්නා බවත් එම ඇමතුම රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර පසුව පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා යන අය සමඟ සම්බන්ධ වන බවත් මෙම දුරකථන ඇමතුම විනාඩි 9 තත්පර 12කාලයක් සම්බන්ධ ව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවට අධිකරණයට කරුණු දැක්විය. මෙම පැහැර ගැනිම සිදු වු කාලසිමාවේ දි මෙම දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති බවත් රහස් පොලිසියේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා 2019/11/18 , සන්ඩේ ඔබ්ස්වර් පුවත්පතේ හිටපු කර්තෘ දරීෂා බැස්ටියන් යන අය 2019/11/29 හා එම ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ යන අය 2019/12/5 ස්විස්ටර්ලන්තය බලා පිටත් ව ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගැනිමට ක්‍රියා කිරිමට නොහැකි වු බවට රහස් පොලිසිය අධිකරණය වෙත පැවසිය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වන බව දැනුම් දුන් රහස් පොලිසිය මෙම දුරකථන සංවාද හා ඔවුන් විදේශගත විම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනිම සදහා ප්‍රකාශ ලබා ගැනිමට දැනට වැඩතහනමකට ලක්ව සිටින රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා මේ මස 23 වන දින පෙරවරු 10ට රහස් පොලිසියේ පෙනි සිටින ලෙසට දැනුම් දි ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට පැවසිය.

මිට අමතරව ගාර්නියා විසින් අධිකරණයට භාර දුන් ස්වාමිපුරුෂයා ගේ බව සදහන් ජංගම දුරකථනය වියානා සම්මුතියට ඇතුළත් නොවන බව අධිකරණය නියෝග කරමින් 2020/1/9 රහස් පොලිසිය අධිකරණයට දුන් කරුණු අනුව දුරකථන වාර්තාවක් කැදවිම සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කිරිමට ද මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග නිකුත් කළාය.

එම රස පරික්ෂක වාර්තාව රහස්‍ය වාර්තාවක් ලෙස සලකා නිතිපතිට අයථා මැදිහත්විමකින් තොරව අධ්‍යනය කොට අපරාධ මට්ටමේ සිට ක්‍රියා කරන ලෙසට නියෝගයක් ද මහේස්ත්‍රාත්වරිය නිකුත් කළාය.

 

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න