නමුණුකුල පාමුල නිවාස නාය යෑමේ අවදානමක | දිනමිණ


 

නමුණුකුල පාමුල නිවාස නාය යෑමේ අවදානමක

(ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි)

පස්සර නමුණුකුල කදුපාමුල යුරිවත්තේ නිවාස 16ක් නාය යෑමේ අවදානමකට ලක්ව තිබීම නිසා පවුල් 25ක නිවසියන් වැසි දිනවලදි අවතැන්ව සිටිති.

යුරිවත්තේ කර්මාන්තශාලා කොටසේ නිවාස 16ක් තිබෙන භුමියේ අක්කර තුනක පමණ කොටසක් 2014 වසරේ සිට මේ දක්වාම වැසි දිනවලදි නායයෑමට ලක්වන බව නිවෙස් හිමියන් පවසති.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ගම්වැසියන්

එස්.විමලකුමාර...

2014 දෙසැම්බර් 26 දින අපේ නිවාස අවට භුමිය නාය යෑමකට ලක්වුනා. එදා ඉදලා මේ දක්වාම වැසි දිනවලදී නාය යැමෙන් අක්කර තුනක් විතර නය යෑමට ලක්ව තිබෙනවා. බලධාරීන්ට කීවාට වඩක් නෑ.

ඒ අය අපිට විසදුමක් දෙන්නෙ නෑ. වැස්ස දිනවලදි කොහාට හරි යන්න කියනවා.

එම්.චන්ද්‍රමුර්ති...

ගෙවල් 16ම පුපුරලා ගෙවල් පහක ඉන්න බැරිතරමට පුපුරලා බොරවතුර මතුවනවා අපිට යන්න තැනක් නැති නිසා රෑට නිදාගන්නේ නැ කොයි මොහොතේ අපේ ජීවිත පස් වලට යටවෙයිද දන්නේ නෑ.

වයි.විජයකුමාර්....

වහින දවස් වලදී අපි සියලුම දෙනා කර්මාන්තශාලාවේ දර මඩුවේ රාත්‍රි ගත කරනවා කන්න බොන්න දෙයක් දෙන්න කවුරුවත් නෑ. වත්තෙන් උදවු කරන්නෙත් නෑ අපේ දුක කියන්න කෙනෙක් අපිට නෑ. වැස්සට බොර වතුර මතුවනවා නිවාස බලාගෙන ඉද්දි පුපුරනවා බිත්ති කඩා වැටී තිබෙනවා.

ඩී.වික්ටෝරියා....

අපේ ගෙවල් වලට එන්න තිබුන පාරත් ගිය වැස්සට නාය ගියා ගෙවල් වටේම නාය ගිහින්. තව එක වැස්සක් ආවොත් නිවාස සියල්ලම නාය යාමට ලක්වෙනවා. එදාට ප්‍රදේශයේ බලධාරීන්ට අපේ ජීවිත වලට වගකියන්න සිදුවෙයි.

වේලු සෙල්ලයියා...

අපි වසර 60ක් පදංචිවෙලා හිටියේ මෙතන නමුණුකුල කන්දෙන් එන දිය දහරාවක් පොලොව යටින් යන නිසා භුමිය නාය යෑමට ලක්ව තිබෙනවා.

ඉඩම යටින් විශාල ජල දහරාවක් නිතර ගලායනවා අපේ ජීවිත පොළවට වැළලෙන්න නොදි කොතැනකින් හරි ගෙයක් හදාගන්න ඉඩන් කැල්ලක් ලබාදෙන්න.

පස්සර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිළධාරී ඩබ්ලිව්.එම්.පී දර්ශන....

යුරිවත්තට අපි ලියුම් යවලා මේ අයට ගෙවල් හදන්න ඉඩම් ඉල්ලුවා තැනක් නම් කළා. එතන හදන්න ගියාම ජල රක්ෂිතයක් තිබෙන බව කියමින් ගම්මානයකින් විරෝධයක් ආවා. නැවතත් ඉඩමක් දෙන්න කියලා වත්තෙන් ඉල්ලුවත් තාම දුන්නේ නැහැ.

නව අදහස දක්වන්න