කිලිනොච්චියේ අංගම්පොර පුහුණුව ලැබූ දෙවැනි කණ්ඩායමට සහතිකපත් පිරිනැමේ | දිනමිණ

කිලිනොච්චියේ අංගම්පොර පුහුණුව ලැබූ දෙවැනි කණ්ඩායමට සහතිකපත් පිරිනැමේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය ඉරණමඩු වැව සමීපයේ ඉදිකළ යුද හමුදා දසබල රාවණා අංගම්පොර ගම්මානයේ අංගම්පොර පුහුණුව ලැබූ දෙවැනි කණ්ඩායම පසුගියදා සිය පාඨමාලාව සාර්ථකව අවසන් කළේය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් එච්.එම්.ජේ.කේ.ගුණරත්න මහතා එක්විය. මේ අංගම්පොර ගම්මානය පසුගිය වසරේ ඔක්තෝබර් 3 වැනිදා එවකට කිලිනොච්චි ආරක්ෂක සේනා අඥාපති ලෙස කටයුතු කළ (විශ්‍රාමික) මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා විසින් ආරම්භ කරනු ලැබිණි. තෙමසක පාඨමාලාව නිමකළ යුද හමුදා සෙබළුන්ට සහතිකපත් ප්‍රදානය මේජර් ජනරාල් ගුණරත්න මහතා අතින් සිදුකළ අතර එම අවස්ථාවට 57 සහ 66 සේනාකාංධිපතිවරු, බ්‍රිගේඩියර් (පාලන) බළසේනාධිපතිවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් ද සහභාගිවූහ.

සටහන - රත්නසිරි පතිරණ

නව අදහස දක්වන්න