පස්දරු අසරණ පියෙකුගේ නිවාස සිහිනය සැබෑ වූ දා... | දිනමිණ

පස්දරු අසරණ පියෙකුගේ නිවාස සිහිනය සැබෑ වූ දා...

අසරණ පවුලකට නිවසක් ඉදිකර භාරදීම යුද හමහුදාවේ මැදිහත්වීමෙන් පසුගියදා සිදු කෙරිණි.මේ නිවස ඇලයාපත්තුව,වන්නිහැළඹවැව පදිංචි පස්දරු පියෙකු වන ප්‍රදීප් බණ්ඩාර මහතාගේ පවුල වෙනුවෙන් ලබාදුනි. මේ සත්කාර්ය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ බළ ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභි නිවාස නොමැති තෝරාගත් පවුල් සදහා දෙස් විදෙස් දානපතින් සමග එක්වී නිවාස ඉදිකිරිමේ වැඩ සටහන යටතේ මේ නිවස ඉදිකරදීම සදහා ඕස්ට්‍රෙලියානු ජාතිකයන් වන එඩී රොබින්සන් සහ ගෙයිල් රොබින්සන් යන මහත්ම මහත්මීන්ගේ ධන පරිත්‍යාග ලැබී තිබිණි. 212 බළසේනාධිපති කර්නල් අනිල් පීරිස් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සෘජු සම්බන්ධිකරණයෙන්‍ 21 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ , ඇතුළු නිලධාරින්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ 212 බළසේනාවේ බළසේනාධිපතිගේ මෙහෙයවීමෙන්, 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි යටතේ සිටින සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස කෙටි කාලයක් තුළදි ඉදි කර ඇත.

වවුනියාව මධ්‍යම විශේෂ බණ්ඩාර විපුලසේන

නව අදහස දක්වන්න