පක්ෂය සමඟි කිරීමට හැකියාවක් නොමැති නම් රටට සේවයක් කිරීමට ද ‍හැකියාවක් නෑ | දිනමිණ

පක්ෂය සමඟි කිරීමට හැකියාවක් නොමැති නම් රටට සේවයක් කිරීමට ද ‍හැකියාවක් නෑ

පක්ෂයේ සමඟිය ඇති කිරීමට හැකියාවක් නොමැති නම් රටට සේවයක් කිරීමට ද ‍හැකියාවක් ද නැතැයි මහනුවර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පක්ෂයේ සමඟිය තහවුරු කරගෙන ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණයක් ගැන සිතිය හැකි බවත්, එසේ නොමැති නම් විපක්ෂයේම තවදුරටත් සිටිය හැකි බව කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

යහපාලන රජය විසින් විශාල වැඩ කොටසක් සිදු කළ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ සඳහා පක්ෂ එකමුතුව ඉවහල් වූ බව කීවේය.

පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කිරථීට ආණ්ඩුවේ දේශපාලකයින් බලා සිටින බවත්, ඒ සඳහා අනුබල ලබානොදීම එජාප නායකයන්ගේ වගකීම බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ආරියරත්න ගනේගොඩ - මැදකොළඹ සමූහ

නව අදහස දක්වන්න