ජාත්‍යන්තර නව නිපැයුම් තරගයෙන් බිනෙත්ට රන් පදක්කමක් | දිනමිණ

ජාත්‍යන්තර නව නිපැයුම් තරගයෙන් බිනෙත්ට රන් පදක්කමක්

නේපාලයේ පැවැති ජාත්‍යන්තර නව නිපැයුම් හා ප්‍රදර්ශන තරගයේ දී බලංගොඩ ආනන්ද මෛත්‍රීය ජාතික පාසලේ බිනෙත් සයුරංග පීල්ලවත්ත සිසුවාට රන් පදක්කම්ක් හිමිව තිබේ. බිනෙත් සයුරංග පීල්ලවත්ත සිසුවා අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී ඔහුට මේ රන් සම්මානය හිමිව ඇත්තේ ඔහු විසින් ඉදිරිපත් කර ඇති ආරක්ෂිත ලියුම් පෙට්ටියක් සදහා වූ නිර්මාණටය. අධ්‍යාපන අමාත්‍යාංශය හා නව නිපැයුම් කොමිසම එක්ව සංවිධාන කරනු ලැබූ ජාතික තරගාවලියේදී සිසුවා ඉදිරිපත් කළ මේ නිර්මාණයට රන් පදක්කම් හිමිව ඇති අතර ජාත්‍යන්තර තරගය නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව හිමිව ඇත. නිර්මාණයේ විශේෂත්වය වන්නේ ලියුම් පෙට්ටියට ලියුමක් ලැබෙන විට නම් කරන ලද දුරකථන අංකයකට කෙටි පණිවුඩයක් ඔස්සේ දැනුම් දීම වේ. එසේම නිවසේ විදුලි සීනුවක් නාද වීම ද සිදු වනු ලබන අතර මෙවැනි ආරක්ෂිත ක්‍රම කීපයක්ම මේ විශේෂිත ලියුම් පෙට්ටිය සහිත නිර්මාණයට ඇතුළත් කර ඇත.

බිනෙත් සයුරංග සිසුවා සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ කීය. මට ලැබුණ මේ පදක්කම මගේ රටට, සබරගමුව පළාතට, මගේ පාසල්ට ලැබුණු දෙයක් ලෙස මම සලකනවා. මේ ගැන මට ගොඩක් සතුටුයි. ඉදිරියටත් මෙවැනි නව නිර්මාණ සිදුකර මගේ රටට කීර්තියක් අත්කර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේස සඳහා මා දිරිමත් කරමින් මට මඟ පෙන්වූ තාක්ෂණ අංශයේ ටී.එම්.පියසේන ගුරු මහතා , විදුහල්පති, ගුරු මවු -පියවරු ඇතුළු මට දිරිඳුන් හැමෝම සිහිපත් කරනවා.

සාරංගගේ මව කොස්වැටිය පාසල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරනු ලබන නෙලූකා දමයන්ති වන අතර ඔහුගේ පියා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. පුතුගේ ජයග්‍රහණය පිළිබඳ මව නෙලූකා මෙසේ කීවාය. පුතා පොඩි කාලේ ඉඳලා හුඟක් දක්ෂයි. එයා හැම අහුවෙන ලිපි පුවත්පත් කියවලා එකතු කරලා පොත් හදලා විවිධ නිර්මාණ සිදු කරනවා. ශිෂ්‍යත්වය දක්වා බලංගොඩ කුමාර විද්‍යාලෙය් අධ්‍යාපනය ඉන් සමත්ව ආනන්ද මෛත්‍රිය විද්‍යලයට ඇතුළත් වුණා. අධ්‍යාපන කටයුතු සහ මෙවැනි කටයුතු සිදුකරගෙන යාමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා. ඔහු හැමදාම අලුත් යමක් කරන්න බලාපොරොත්තුවෙන් යම් යම් දේ කරනවා. මගේ බලාපොරොත්තුව දරුවාට හොඳින් අධ්‍යාපනය ලබා දීමයි. සැමියා මිය ගියාට පසු විවිධ අපහසුතා මැද දරුවාගේ අධ්‍යාපනයට උදව් කරනවා. මෙම කට කටයුතු ඉදිරියටත් කරගෙන යාමට රජයේ යම් මැදිහත්ව වීමක් සිදුවනවා නම් එය මහත් පිනක්.

බෙලිහුල්ඔය සමූහ 
සමන්තා කංකානම්ගේ

නව අදහස දක්වන්න