තලවකැලේ ග්රේස්වෙස්ටන් වත්තේ දක්ෂතම තේ දළු නෙළන්නිය | දිනමිණ

තලවකැලේ ග්රේස්වෙස්ටන් වත්තේ දක්ෂතම තේ දළු නෙළන්නිය

තලවකැලේ ග්‍රේස්වෙස්ටන් වත්තේ දක්ෂතම තේ දළු නෙලන්නියන් ලෙස තේරුණ වතුකම්කරු කාන්තාවන් හට ත්‍යාග සහතිකපත් හා පදක්කම් පිරිනැමීම වතු අධිකාරීවරයාගේ සහභාගීත්වයෙන් එම වතුයායේදී සිදු කෙරිණි.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය (11)දා එම වත්තේදී පැවැත්විණි. එහිදී ප්‍රමිතියට අනුව නිසි ලෙස වේගයෙන් තේ දළු නෙලන දක්ෂතම තේ දළු නෙලන්නිය ලෙස ග්‍රේස්වෙස්ටන් වත්තේ ග්‍රේස්වෙස්ටන් කොටසේ රාජලෙච්චුමී මහත්මිය ප්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවාය.

මෙහි දෙවන ස්ථානය ග්‍රේස්වෙස්ටන් වත්තේ ගල්කන්ද කොටසේ කලෙයිරසී මහත්මිය හා තුන්වන ස්ථානය එම කොටසේම සරස්වතී මහත්මිය විසින් දිනාගනු ලැබුවාය. මෙම තරඟයෙන් පළමු ස්ථානය දිනූ රාජලෙච්චුමී මහත්මියට මුදලින් රුපියල් 25000ක් සහ රන් පදක්කමක්ද දෙවන ස්ථානය සඳහා රුපියල් 15000ක් සහ රිදී පදක්කමක්ද තුන්වන ස්ථානය වෙනුවෙන් රුපියල් 10000ක මුදලක් හා ලෝකඩ පදක්කමක් පිරිනමන ලදී.

වතු සේවකයින්ගේ කාර්යක්ෂමතාවය ඉහළට ගෙන ඔවුනගේ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලබාදීමේ අරමුණින් මෙම තරඟාවලිය පවත්වනු ලැබූ බව ග්‍රේස්වෙස්ටන් වතු අධිකාරී කෝසල විජේසේකර මහතා මෙහිදී පැවසීය.

නුවරඑළිය සමූහ සී. මහගම

නව අදහස දක්වන්න