ෂැංහයි ඩිස්නිලන්තය නැවත දැනුම් දෙනතුරු වසා දමයි | දිනමිණ

ෂැංහයි ඩිස්නිලන්තය නැවත දැනුම් දෙනතුරු වසා දමයි

චීනයේ මාරාන්තික කොරෝනා වෛරසය ‍හේතුවෙන් ජනප්‍රිය ෂැංහයි ඩිස්නිලන්තය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු එම උද්‍යානය වසා දැමීමට පියවර ගන්නා බව එහි පාලනාධිකාරිය නිවේදනය කර ඇත.

නව අවුරුදු නිවාඩු සමය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් මෙහි සංවිධාන කර තිබූ අතර ෂැංහයි ඩිස්නිලන්තය දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ගැවසෙන ස්ථානයක් බව සඳහන්ය .

පවතින තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ මෙන්ම කාර්යය මණ්ඩලයේ ද ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් මේ පියවර ගත් බව ඩිස්නිලන්ත පාලනාධිකාරිය දැනුම් දී ඇත.

2016 වසරේ විවෘත කෙරුණු වෝල්ට්ඩිස්නි සමාගම විසින් ඉදිකරන ලද ෂැන්හයි ඩිස්නිලන්තය වාර්ෂිකව සංචාරකයින් මිලියන ගණනක් පැමිණෙන බව බලධාරීහු පවසති.

 

නව අදහස දක්වන්න