අභිරහස් වෛරසය ගැන ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවයි | දිනමිණ

අභිරහස් වෛරසය ගැන ලෝක සෞඛ්‍යය සංවිධානය අනතුරු අඟවයි

කොරෝනා වෛරස් ගණයට අයත් අභිරහස් වෛරසය ලොවපුරා පැතිර යාමේ අවදානමක් ඇති බැවින් විශේෂ අවධානයකින් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. මේ අභිරහස් වෛරසය පාලනය කිරීමට මෙතෙක් ඖෂධයක් සොයාගෙන නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වෛරසය වැළඳුණු පුද්ගලයෙකු පළමු වරට ජපානයෙන් හමුවී ඇති අතර තිස් හැවිරිදි මේ පුද්ගලයා වෛරසය පැතිර යන චීනයේ බූහාන් නගරයේ සිට ජපානයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.මේ වෛරසය වැළඳුණු 41 දෙනෙකු චීනයෙන් වාර්තාවී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

 

නව අදහස දක්වන්න