කෙරෝනා වෛරසය අාසාදනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට | දිනමිණ


 

කෙරෝනා වෛරසය අාසාදනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් චීනයේ සිදුවූ මරණ ප්‍රමාණය 26 දක්වා ඉහළ යාමත් සමඟ චීනයේ නගර 10කට අධික ප්‍රමාණයක ගමනාගමනය තාවකාලිකව සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. වෛරස ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ හුබෙයි ප්‍රාන්තයේ වුහාන් නගරය තාවකාලිකව වසා දමා ඇත. මෙසේ නගර බාහිර කලාපවලින් වෙන්කර තැබීමත් සමඟ එම නගරවල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාව දැඩි සේ පීඩාවට පත්ව සිටිති.

මේ අතර‍ කෙරෝනා වෛරස ආසාදිතයන් සිංගප්පූරුව, වියට්නාමය ඇතුළු තවත් රටවල් කිහිපයකින්ම වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වන අන්දමට චීන වැසියන් 800කට වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව අවසන්ය. වෛරස ආසාදනයෙන් අසනීපවූවන්ගෙන් 177දෙනෙකුගේ තත්ත්වය වඩාත් බරපතළ වන අතර සුව ලැබූ 34 දෙනෙක් දැනටමත් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවද විදෙස් පුවත් වාර්තා කරයි.

නව කොරෝනා වෛරසය සුව කිරීමට ප්‍රතිකාරයක් නොමැති වඩාත් දරුණු ඝනයේ වෛරස ආසාදනයක් ලෙස සැලකෙන අතර ස්වභාවිකව හෝ රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහායෙන් සුවවීම හැර ඊට වෙනත් ප්‍රතිකාරයක් නොමැත. මෙය අප්‍රිකානු කලාපයේ පැතිර ගිය එබෝලා වෛරසයට ද වඩා භයානක බව පැවසේ.

 

නව අදහස දක්වන්න