ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය-මහින්ද සුසංයෝගයට පමණයි | දිනමිණ

ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය-මහින්ද සුසංයෝගයට පමණයි

රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා

මෙරට බහුතර ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සුසංයෝගයක් නිර්මාණය කිරීමට මිස බංකොළොත් දේශපාලනඥයන්ගෙන් සැදුම්ලත් සුසංයෝග ගොඩනැංවීමට නොවන බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. පක්ෂය කෑලි කෑලිවලට කැඩෙමින් යද්දී ඉන් ගැලවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පිහිට පැතීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සහ ගත්ත ද මෙරට ජනතාවගේ එකම අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බව පසුගිය ජනාධිපතිවරණයෙන් මනාව ඔප්පු වී ඇති බව හෙතෙම කීවේය.

විවිධ ජාත්‍යන්තර බලවේග සහ රාජ්‍ය නොවන ආයතන එක්ව මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළා මිස ශ්‍රී ලාංකික ජනතාව එතුමන් පරාජය පත් නොකළ බව පැවැසූ ඒ මහතා, පරාජයට පත් වී පැය විසි හතරක් ගතවීමට පෙර රාජපක්ෂ මහතා වටා එක් වූ ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරවලින් එය තහවුරු වුණු බව කියා සිටියේය.

කිසිදු නායකයකුට අවසානයක් කළ නොහැකි වූ තිස් වසරක යුද්ධය කෙටි කලකින් අවසන් කිරීමට හැකි වූයේ මහින්ද-ගෝඨාභය සුසංගෝගයේ තිබූ ශක්තිය හා එකි නෙකා අතර තිබූ අවබෝධය, බැඳීම නිසා බවත්, පසුගිය වසර හතර හමාරේ බිඳ වැටටූ රට යළි ගොඩනැංවිය හැක්කේ ද ඔවුන් දෙදෙනාට බවත් අබේවර්ධන මහතා පැවැසීය.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න