කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළට | දිනමිණ

කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළට

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 106 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
චීනයේ වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව හාරදහස් පන්සිය පහළවකි. එය ඊයේ දිනයට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමකි.
 
වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහාද චීන රජය සංචාරක තහනම් රැසක් පනවා ඇතැයි සදහන්වේ. 
මියගිය පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් වැඩිහිටි පුද්ගලයින් බව වාර්තාවේ. බීජිං නගරයේ ප්‍රවාහන සේවා රැසක් නවතා දමා ඇති අතර ෂැංහයි ප්‍රාන්තයට හුබෙයි ප්‍රාන්තයෙන් ඇතුළුවීම් දින 14 ක් දක්වා නවතා දමා තිබේ.
 
චීනයේ නගර රැසක පොදු ප්‍රවාහන සේවා නවතා දමා ඇති අතර උද්‍යාන, වෙළෙදසැල් වැනි ජනතාව වැඩිවශයෙන් ගැවසෙන ස්ථාන වසා දැමීමටද කටයුතු කර ඇත.

නව අදහස දක්වන්න