කලාකරුවාට මතයක් තියනවා | දිනමිණ


 

කලාකරුවාට මතයක් තියනවා

ජනක් ප්‍රේමලාල්

මේ දිනවල විකාශය වන ‘සිදු’, ‘ඇය’, ‘නීලපබළු’ ටෙලි නාට්‍ය හරහා ඔහු, ඔබට හමුවේ. වේදිකාවෙන් ලත් පරිචයෙන් හේ අද වේදිකාවත්, ටෙලි තිරයත්, සිනමාවත් ජයගත්තෙකි. නම කිවූ පමණින් කවුරුත් හඳුනන ඔහු ජනක් ප්‍රේමලාල්ය.

 මේ දවස්වල ?

රඟපාන නාට්‍ය කිහිපයක් විකාශනය වෙනවා. එක නාට්‍යයක් ‘සිදු’ දෙරණ නාලිකාවේ, ස්වර්ණවාහිනියේ ‘ඇය’ ටෙලිනාට්‍යය, සිරසේ ‘නීලපබළු’.

මේ ටෙලිනාට්‍යයට සඳහා ලැබෙන ප්‍රතිචාර?

සාමාන්‍යයෙන් වාගේ රංගන ජීවිතය දශක කිහිපයක් වෙනවා. අවුරුදු 30කට වැඩියි. දැන් යන්නේ 4 වන දශකය. හොඳ ප්‍රතිචාර මම රඟපාන චරිතවලට ලැබුණා. ‘සිදු’, ‘ඇය’, ‘නීලපබළු’ ටෙලිනාට්‍ය සඳහාත් හොඳ ප්‍රත්චාර ලැබෙනවා.

රඟපෑම ඉගෙන ගන්න ස්ථානයක් තිබ්බා නම් හොඳයි නේද?

මෙරට සෑම විශ්වවිද්‍යාලයකම නාට්‍ය හා රංග කලාව උගන්වනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ සංගීතය ,නර්තනය, චිත්‍රපටි හා ටෙලිනාට්‍ය උගන්වනවා. අපි විශ්වවිද්‍යාලයේ යන කාලේ එහෙම තිබුණේ නැහැ. දැන් ‍පාසල්වල 6 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය වෙනකල් පාසල්වල නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට උගන්වනවා.

ඔබ රඟපාන්න කැමති චරිතයක් ?

තාම මම ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ චරිතයක් රඟපාලා නැහැ. ඒ චරිතය රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා.

කලාකරුවෙක් විදිහට දේශපාලනයට ඇති කැමැත්ත?

කලාකරුවොත් මේ රටේ මිනිස්සු. මේ රටේ අවුරුදු 18ට වැඩි ඡන්දය තියෙන අයට තමන් කැමැති කෙනෙක්ට ඡන්දය දෙන්න අයිතියක් තියනවා. කලාකරුවකුටත් මතයක් තියෙනවා. දේශපාලනය කරන්න අයිතියක් ඔවුන්ටත් තියනවා.

චිත්‍රපටි කර්මාන්තය කඩා වැටිලා ද?

අපේ ළමා කාලයට, තරුණ කාලයට සාපේක්ෂව අද චිත්‍රපටි බලන එක අඩුවෙලා තියෙනවා. මම හොඳ චිත්‍රපටියක් ආවාම බලන්න යනවා. එක දවසක චිත්‍රපටිය බලන්න ගියාම හතර පස්දෙනයි සිටියේ. තවත් දවසක චිත්‍රපටිය බලන්න ගියාම හය, හත්දෙනයි හිටියේ. එහෙම තමයි අද චිත්‍රපටි බලන්න ඉන්නේ. අද චිත්‍රපටි කර්මාන්තය බිංදුවට වැටිලා. මිනිස්සු එන්නේ නැහැ චිත්‍රපටි බලන්න‍.

ඔබ කලා ක්ෂේත්‍රයේ ගරු කරන චරිත ?

කලා ක්ෂේත්‍රයේ නිර්මාපකයෝ ඉන්නවා. මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඩී. බී. නිහාල්සිංහ, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ ඒවාගේ දැවැන්ත චරිත. ඔවුන් මගේ ජීවිතයේ නිල නොලත් ගුරුවරු බවට පත්වුණා.

 

සමින්ද උදයකුමාර

 

නව අදහස දක්වන්න