ගොවි තාත්තා සංරක්ෂණයට | දිනමිණ


 

ගොවි තාත්තා සංරක්ෂණයට

දේශීය චිත්‍රපට සංරක්ෂණ ඉතිහාසයේ නැවුම් පිටුවක් පෙරලමින් මෙතෙක් තිරගත නොකළ චිත්‍රපටයක ඩිජිටල් පිටපතක් සංරක්ෂණය සඳහා බාරදීමේ ඓතිහාසික අවස්ථාව පසුගියදා කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේදී සිදුවිය. එහිදී දර්ශන රුවන් දිසානායක අධ්‍යක්ෂණය කළ 'ගොවි තාත්තා' චිත්‍රපටයේ පිටපතක් එහි නිෂ්පාදක සරත් කෝන්වැව විසින් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නදීර රූපසිංහ වෙත බාරදෙන ලදී.

රජයේ නිල චිත්‍රපට සංරක්ෂණාගාරය වන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ චිත්‍රපට සංරක්ෂණාගාරය 2014 වසරේදී ආරම්භ කරන ලදී. ඒ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදිය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 95 වැනි උපන් දිනය වෙනුවෙන් මෙය පිහිටුවනු ලැබීය. දැනට මෙහි චිත්‍රපට රැසක් සංරක්ෂණය කර ඇත. එහි සංරක්ෂණය කර ඇති පැරැණි චිත්‍රපටය වන්නේ දෙවැනි සිංහල කතානාද චිත්‍රපටය වන 'අශෝක මාලා' චිත්‍රපටයයි. ' ගොවි තාත්තා' සමඟ මෙම සංරක්ෂණගාරය වර්තමානයේ පවතින ඩිජිටල් තාක්ෂණයටද එක්වෙනු ඇත.

 

ජයන්ති කුරේ

නව අදහස දක්වන්න