'ගාඩිට'ඩකා ජූරියේ විශේෂ ගෞරවයක් | දිනමිණ


 

'ගාඩිට'ඩකා ජූරියේ විශේෂ ගෞරවයක්

බංගලාදේශයේ ඩකා අගනුවර පැවැති 18 වැනි අන්තර් ජාතික ඩකා චිත්‍රපට උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ගාඩි' සිනමාපටය ජූරියේ විශේෂ ගෞරවය සම්මානයක් හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙම සිනමා පටයේ යුරෝපීය මංගල දැක්ම මේ මස 27 වැනිදා ප්‍රදර්ශනය විණි. ඒ 49 වැනි අන්තර්ජාතික රොටර්ඩැම් සිනමා උළෙලෙදීය. 'ගාඩි' ප්‍රසන්න විතාන‍ගේගේ දසවැන්නය. ඔහු විසින් නිර්මාණය කරන ලද සිනමාපට සියල්ලම ඇගයුම් සම්මානවලට පාත්‍රවීම විශේෂත්වයකි.

 

නව අදහස දක්වන්න