තීන්දුවට එරෙහිව සාරුව යළිත් නීති මගට | දිනමිණ

තීන්දුවට එරෙහිව සාරුව යළිත් නීති මගට

කොළඹ මහාධිකරණය ලබා දුන් වසර 15 ක සිර දඩුවම අභියෝගයට ලක්කරමින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ අභියාචනාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබේ.

තමා යටතේ සේවය කළ අඹු සැමි යුවලකගේ බාලවයස්කාර දැරියක් බලහත්කාරයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තාට වසර 15 ක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය 09 වැනිදා  නියෝග කලේය. 

ඊට අමතරව චෝදනාවලට රුපියල් 25,000 ක දඩ මුදලක් සහ වින්දිත පාර්ශ්වයට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවීමට ද මහාධිකරණය නියෝග කලේය.

කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව දෝෂ සහිත බවත් එම නිසා එම තීන්දුව ඉවත දමා තමා නිදහස් කරන ලෙසට විත්තිකරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා මෙම අපරාධය 2012 වර්ෂයේ මැයි මස 23 හා ජුලි මස 2වැනි දා අතර කාලය තුළ අකුරැස්සේ අවන්හලකදී සිදු කර ඇති බවට නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබුණි.

 

 

නව අදහස දක්වන්න