පවුලේ දරුවන් තිදෙනාම සසුනට  | දිනමිණ

පවුලේ දරුවන් තිදෙනාම සසුනට 

ඌව කුඩාඔය පරාක්‍රමපුර පඳිංචි කේ. ඒ. ඉරේෂ් ඉන්දික (39) හා කේ. එච්. රෝහිණී මහත්ම මහත්මීන් විසින් තම පවුලට සිටි දරුවන් තිදෙනාම සසුනට පූජාකිරීම කුඩාවැල්ල වාළුකාරාම මහා හාරස්ථානයේදී පසුගිය පුන් පොහෝදින සිදු කෙරිණි.

කාගේත් නෙත් සිත් සතුටින් ද දුකෙන් ද පිරුණු සංවේදී අවස්ථාවක් වූ මේ අවස්ථාව දැකබලා ගැනීම සඳහා වාළුකාරාම මහා විහාරය ප්‍රදේශවාසී පින්වතුන්ගෙන් පිරී පැවතිණි. මෙලෙස සසුන්ගත වූයේ හිම්ෂාන් මධුවන්ත (08), හිරුෂ මධුවන්ත (11) හා තක්ෂල මධුවන්ත (16) යන පුතුන් තිදෙනා ය.

තලල්ල ලංකා රාජ මහා විහාරාධිපති කුඩැවැල්ල ශ්‍රී කළ්‍යාණවංශ මූලික පිරිවෙනේ පරිවේණාධිපති මාවැල්ලේ චන්දිම හිමියන්ගේ උපාධ්‍යාකත්වයෙන් හා ශ්‍රී කළ්‍යාණවංශ මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති මාවැල්ලේ රතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් දරුවන් සසුන්ගත කිරීම සිදුවිය. කුඩාඔය සුබෝධිවංශ, කුඩාඔය සුඛිතවංශ හා කුඩාඔය සුමිත්තවංශ යන නම්වලින් සසුන්තග වූ හිමිවරුන්ගේ පියාවූ කේ. ඒ. ඉරේෂ් ඉන්දික මහතා කියා සිටියේ මවුපියන්ගේ මතු ආරක්ෂාවට වටා දරුවන්ගේ මතු දියුණුව හා බුදුදහමේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් දරුවන් තිදෙනාම සසුනට පූජාකළ බවයි. පළමුව බාල පුතුන් දෙදෙනා මහණ වීමේ අපෙක්ෂාවෙන් පන්සලේ නතර වූ බවත් අසීමිත සහෝදර ප්‍රේමයකින් බැඳීසිටි දරුවන් තිදෙනාට වෙන්ව සිටීමට නොහැකි වූයෙන් වැඩිමහල් පුතු ද පසුව පන්සලට පැමිණි බව දරුවන්ගේ මව වූ කේ. එච්. රොහිණී මාතාව පැවැසුවාය.

 ජයසිරි පේදුරුආරච්චි

ගන්දර සමූහ

 

නව අදහස දක්වන්න