සජින් වාස් ගුණවර්ධනට එරෙහි නඩුව 25දා විභාගයට | දිනමිණ


 

සජින් වාස් ගුණවර්ධනට එරෙහි නඩුව 25දා විභාගයට

කුමුදු හෙට්ටිආරච්චි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් වසර පහකට ආසන්න කාලයක් රුපියල් තිස්කෝටි හැට දෙලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධි චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව මේ මස 25 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (11) නියෝග කළේය. 2015 වසරේ ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදු කළ රහස් පොලිසිය 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට සජින් ද වාස් ගුණවර්ධන මහතා නාම යෝජනා භාරදෙන විට කොස්මොස් යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් ඔහු සතුව ඇති බවට අනාවරණය වී තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මහතා නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියි.

නව අදහස දක්වන්න