සංචාරක කර්මාන්තයෙන් බිලියන 10ක ඉලක්කයක් | දිනමිණ

සංචාරක කර්මාන්තයෙන් බිලියන 10ක ඉලක්කයක්

2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක වාර්ෂික ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ඉහළ පෙළේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත් වඩා හොඳ මිලකට උසස් තත්ත්වයේ සේවාවක් සැපයීමටත් රජය අපේක්ෂාව කරන බව පසුගියදා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මාධ්‍යවෙත පවසා තිබේ.

ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණීමට හැකිවන පරිදි කර්මාන්තය දියුණු කිරීමට මෙන්ම ඉහළ පෙළේ සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමත් සැලසුම වී තිබේ.

මෙම ඉලක්කය කරා ළඟාවීම සඳහා ඉදිරි වසර පහ තුළ වාර්ෂිකව නව හෝටල් කාමර 4,800 ක් එක් කළ යුතු බවට සංචාරාක ව්‍යාපාරය පිළිබඳ පර්යේෂණ වාර්ථාවන් පෙන්වා දෙයි.

දැනටමත් මේ කාමර 9,000 ක් පමණ ඉදිකරමින් පවතින අතර මේ වන විට ආරම්භ කිරීමට නියම්ත ඉදිකිරීම් ව්‍යාපෘති කීපයක්ම පවතින බවට සමීක්ෂණ මඟින් හෙළිවී ඇත.

සංචාරක හා විදේශ ආයෝජන තුළින් විදේශ විනිමය මෙරටට ගෙන ඒමට නම් රටේ ජාතික ආරක්ෂාව සහතික කළ යුතු බවට රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

ජාතික ආරක්ෂාව සහතික කළ නොහැකි නම් විදෙස් ආයෝජකයින් ආයෝජනය සඳහා මෙරටට නොඑනු ඇත. විදේශීය ආයෝජකයින් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

නව අදහස දක්වන්න