ඖෂධ වර්ග 8ක් මුසුවූ TEASPIRE | දිනමිණ


 

ඖෂධ වර්ග 8ක් මුසුවූ TEASPIRE

ශත­වර්ෂ දෙක­කට ආස­න්න­වන මෙරට තේ කතාව සැබැ­වින්ම වර්ණ­වත්ය,  ආස්වාද ජන­කය. බ්‍රිතාන්‍ය පාල­ක­යින් අපට උරු­ම­කර දුන් මේ අපූරු කර්මා­න්තය ශ්‍රී ලාංකේය නාමය ජාත්‍ය­න්ත­ර­යට ගෙන යාමට සමත් වූ අතර එයම මෙරට ආර්ථික දේහය ශක්ති­මත් කිරී­මෙ­හිලා ප්‍රධාන නියමු ව්‍යපෘ­ති­යක් බවට පත්විණි.                        

තේපා­නය ලොව මෙත­රම් ජන­ප්‍රිය වූයේ ඒ තුළ මිනිස් සිරු­රට හානි නොවන උත්තේ­ජන ශක්තිය නිසාය.මෙය EGCG එන්ස­යි­මය ලෙස හඳු­න්වයි. එය ‘ග්‍රීන් ටී’ හී බහු­ලව පවතී.                                                  තේ පානය ලොව ජන­ප්‍රිය වීමත් සමඟ එහි ඇති ස්වභා­වික රස­යට අම­ත­රව විවිධ රස­යන් එක් කිරී­මට ඇතැම් නිෂ්පා­ද­ක­යින් පෙළ­ඹිණි. ඒ අනුව මුල් යුග­යේ දී වැනිලා,  ස්ටෝබෙරි වැනි රස­යන් තේ සමඟ මිශ්‍ර විය. බොහෝ විට බාල වර්ගයේ තේ කොල අලෙ­විය සඳහා මෙම රස­යන් මුසු­වීම සිදු කරනු ලැබීය. මෙම මිශ්‍ර­ණ­යන් සහිත තේ කොල දේශීය වෙළෙඳ පොළෙහි බහු­ලව දක්නට ලැබිණි.    තේ සම­ගින් ආයු­ර්වේද ඖෂ­ධීය ශාක මුසු කිරීම මේ වන­විට ප්‍රව­ණ­තා­වක්ව  පවතී. මේ පිළි­බ­ඳව විම­සී­මේ දී තේ මිශ්‍ර­ණය පිළි­බ­ඳව විශේ­ෂඥ දැනු­මැති කිහිප දෙනකු පැව­සුවේ. තේ රස­යට හා එහි ඇති උත්තේ­ජන ගුණ­යට හානි නොවන පරි දී එවැනි ඖෂ­ධීය ශාක මිශ්‍ර­ණය වර­දක් නොවන බවත් එය කාලයේ අව­ශ්‍ය­තා­වය අනුව ගැල­පෙන බවය. කාලයේ අව­ශ්‍ය­තා­වය යනු­වෙන් ඉස්මතු කරන්නේ සමා­ජය තුළ බල­වත් ප්‍රව­ණ­තා­ව­යක් බවට පත්වී ඇති බෝනො­වන රෝග වලක්වා ගැනීම හා යම් ප්‍රමා­ණ­ය­කින් වැළඳී ඇති එවැනි රෝග මර්ධ­නය කර ගැනී­මට තේ සමඟ ඖෂ­ධීය ශාක මිශ්‍ර­ණය කිරීම ප්‍රති­ඵ­ල­දා­යක බවයි. මෙම ඖෂධ භාවිත මිශ්‍ර­ණ­යෙන්  අතුරු ආබාධ ඇති නොවන බව ද සනාත කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.                                                   මේ යටතේ සෞඛ්‍ය සුර­ක්ෂිත භාවයේ ඉහ­ළම ප්‍රමි­තිය යටතේ   ‘ටී ස්පයර්’ නමින් ඔෂ­ධීය ශාක­සාර මිශ්‍රිත තේ නිෂ්පා­දන පෙළක් මේ වන­විට වෙළෙඳ පොළට හඳුන්වා  දී ඇත.LAKMARK ENTERPRIES (PVT)LTD    ආය­ත­නයේ සභා­පති සචින්ද්‍ර ජය­නෙත්ති මහ­තාගේ සංක­ල්ප­යක් අනුව දීර්ඝ පර්යේ­ෂණ ක්‍රියා­ව­ලි­ය­කින් අන­තු­රුව   ‘ටී ස්පයර්’ නිෂ්පා­ද­න­ය­කර ඇත.      මේ සඳහා මහ­නු­වර ආයු­ර්වේද රෝහලේ වෛද්‍යා­චා­රිනී පුංචි­හේවා මහ­ත­මි­යගේ දැනුම හා අධී­ක්ෂණ සහය ලබා ගෙන ඇති අතර,  විශේ­ෂ­යෙන් උසස්ම තත්ත්වයේ උඩ­රට තේ මේ සඳහා යොදා ගෙන තිබේ. එමෙන්ම තේවල රස­යට හෝ මිශ්‍රිත ශාක­සාර ඖෂ­ධ­යන් හී ගුණ­යට හෝ රස­යට කිසිදු හානි­යක් නොවන පරිද වර්ග අට­කින් යුත් මෙම ඖෂ­ධීය තේ නිෂ්පා­දන ක්‍රියා­ව­ලිය සිදුවී තිබේ  ග්‍රාමීය සමා­ජයේ අති­ශ­යින් ජන­ප්‍රිය පාන­යන් වූ පොල්පලා,  බෙලි­මල්,  රණ­වරා,  නීර­මු­ල්ලිය යන ඖෂ­ධ­යන්ට අම­ත­රව වල් කොත්ත­මල්ලි,  මස්බැද්ද,  කොත­ල­හි­ඹුටු,   හීන් ගොකටු යන රෝග ගණ­නා­ව­කට අති­ශ­යින් සංවේ දී ඖෂධ වර්ග හත­රක් ද ‘ටී ස්පයර්’ TEASPIRE සමඟ මිශ්‍රි­තය.

 පොල්පලා :- මුත්‍රා­සය මෙන්ම වකු­ගඩු ආශ්‍රි­තව ඇති­වන අසා­ධන තත්ත්ව­යන් සම­නය කිරී­මට මෙන්ම මුත්‍රා ගල් දිය­කර හැරීමේ හැකි­යා­වක් පොල්පලා සතුව ඇති බව අනා­දි­මත් කාල­යක්  සිටම පව­තින ආයු­ර්වේද මත­යකි.       රණ­වරා :- කාන්තා­වන්ගේ ඔස­ප්වීම පහසු කිරීම හා එම ක්‍රියා­ව­ලි­යේ දී ඇති­වන වේද­නා­වන් අඩු කිරීම මෙන්ම ශූක්‍රාණු පිරි­සිදු කිරීම පුරුෂ කාන්තා දෙපා­ර්ශ­ව­යේම ශූක්‍රාණු ශක්තිය වැඩි­කි­රීම මගින් දරු­ඵල හට ගැනීමේ ශක්ති වර්ධන පාන­යකි.

        බෙලි­මල් :- අම්ල පිත්තය හෙවත් ‘ගෑස්ට්‍ර­යි­ටීස් ’ ආශ්‍රි­තව සිදු­වන බඩ පුරවා දැමීම් බඩ පපුව දැවිල්ල සම­නය සඳහා මෙන්ම ආහාර මාර්ගය ආශ්‍රි­තව ඇති­වන අස­ම­තු­ලිත තා පාල­නය කිරීමේ ඖෂ­ධීය ගුණ­යක් බෙලි සතුව පවතී.    කොත­ල­හි­ඹුටු :-දිය­වැ­ඩි­යාව මෙන්ම ස්ථූල භාවය පාල­නය කිරී­මට මෙය ඉතා­මත් අගනා ඖෂ­ධ­යකි.

වල් කොත්ත­මල්ලි :- කිසිදු අතුරු ආබා­ධ­ය­කින් තොරව දිය­වැ­ඩි­යාව පාල­නය කිරී­මට හැකි­යා­වක් වල් කොත්ත­මල්ලි අගනා ඖෂ­ධ­යකි.      මස්බැ­යද්ද :- දිවැ­ඩි­යාව පාල­නය සඳහා ඉතා­මත් ඉහ­ළම මට්ට­මක ඖෂ­ධීය ගුණ­යක් මස්බැද්ද සතුව පවතී. මස්බැද්ද මගින් සීනි සහ ආහාර රුචිය අවම කරනු ලබයි.  ඉහත සඳ­හන් කළ ඖෂධ සංයෝ­ග­යන් ගෙන් යුක්තව Òටී ස්පයර්Ó ඇස­රුම් වර්ග අට­කින් පාරි­භෝ­ගික අව­ශ්‍ය­තා­වය අනුව මිල දී ගත හැකි පරි දී සෞඛ්‍ය ආර­ක්ෂි­තව  සක­ස්කර ඇත. ‘‘ටී ස්පයර්’’ අල­විය හා බෙදා­හැ­රීම සීමා­ස­හිත ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා පුද්ග­ලික සමා­ගම මගින් කරනු ලබන අතර ඒ සඳහා ඔවුන්ගේ WWW.glifestyle.net  යන වෙබ් අඩ­විය වෙත පිවි­සී­මෙන් තොර­තුරු ලබා ගත හැකිවේ.

 පමුදිනී සමරණායක

නව අදහස දක්වන්න