දශක හත­රක් ලොව පුරා විශ්වා­සය දිනා ගත් ලංකා වෝල්ට­යිල්ස් සමූහ ව්‍යාපා­රය විසින් ‘කොලෝමා’ | දිනමිණ

දශක හත­රක් ලොව පුරා විශ්වා­සය දිනා ගත් ලංකා වෝල්ට­යිල්ස් සමූහ ව්‍යාපා­රය විසින් ‘කොලෝමා’

වෙළෙඳ නාම­යෙන් නව­තම සනී­පා­ර­ක්ෂක නිමැ­වුම් පෙළක් හඳුන්වා දීම පසු­ගිය දා ලංකා ටයිල්ස් නාවල ප්‍රද­ර්ශ­නා­ගා­රයේ දී උත්ක­ර්ෂ­වත්ව සිදු කෙරුණි. ආක­ර්ෂ­ණීය නිමා­ව­කින් යුතු විශිෂ්ට තත්ත්වයේ කොලෝමා සනී­පා­ර­ක්ෂක භාණ්ඩ ඉතා දියුණු තාක්ෂ­ණික ක්‍රම­වේ­ද­යන්ට අනු­ග­තව නිෂ්පා­ද­නය වී ඇත.
‘කොලෝමා’ සනී­පා­ර­ක්ෂක භාණ්ඩ වත්මන් තර­ග­කාරී වෙළෙ­ඳ­පොළ ජය­ග්‍ර­හ­ණය කර­න්නට සමත් වනු ඇතැයි ලංකා වොල්ට­යිල් සමූහ ව්‍යාපා­රයේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජය­සේ­කර මහතා පැමිණ සිටි ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ ප්‍රවී­ණ­යන් සහ වෙළෙඳ නියෝ­ජි­ත­යන් ඇතුළු ආරා­ධි­ත­යන් පිරිස අම­ත­මින් ප්‍රකාශ කර සිටි­යේය. ජාත්‍ය­න්තර ප්‍රමි­තිය, නිෂ්පා­දන ධාරි­තාව, අප­න­යන ධාරි­තාව ආදි අංශ­යන් පිළි­බඳ විමසා බලන කල්හි ලංකා­ට­යිල්ස් ක්ෂේත්‍රයේ සිය­ල්ලන් අභි­භවා ඉදි­රි­යෙන්ම සිටින අතර ‘කොලෝමා’ ඒ තත්ත්වය තවත් උද්දී­ප­නය කරනු ඇතැයි යන්න ද ඔහුගේ අද­හස විය.
මෙහිදී සුඛෝ­ප­භෝගී නාන­කා­මර කට්ටල ඇතුළු ආක­ර්ෂ­ණීය නිෂ්පා­ද­න­යන් රැසක් හඳුන්වා දීම සිදු කෙරුණි. ඒවා අතර වෝටර් ක්ලෝසෙට්ස් (Water closets) ඉහළ ප්‍රායෝ­ගි­ක­ත්ව­යෙන් යුතු වොෂ් බේසින් (Ultra functional wash basins)  කවු­න්ටර් ටොප්ස් (Counter tops)  යනා­දිය ද විය.
 

නව අදහස දක්වන්න