යොවුන් ලෝක ශූරයන්ට උණුසුම් පිළිගැනීමක් | දිනමිණ


 

යොවුන් ලෝක ශූරයන්ට උණුසුම් පිළිගැනීමක්

දකුණු අප්‍රිකාවේ පැවැති 13 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම එරටට ළඟා වීමෙන් අනතුරුව මීර්පූර්හිදී උණුසුම් අයුරින් පිළිගැනීමට ලක්විය.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් සහ පුහුණුකරු නවීඩ් නවාස් මහත්වරු ඇතුළු විශාල මේ අවස්ථාවට එක්වූ අතර ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් ක්‍රීඩකයන් ගුවන් තොටුපොළේ සිට පැමිණෙන මඟ දෙපස රැස්ව සිටි සුබ පැතුම් එක් කළහ. බංග්ලාදේශයේ ප්‍රධාන ක්‍රීඩාංගණය වන ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබිණි. මේ ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සූදානම් කිරීම සඳහා ඉදිරියේදී අවුරුදු 21න් පහළ සංචිතයකට එක්කර ගන්නා බවත් එම දෙවසර තුළ මසකට බංග්ලාදේශ් ටාකා ලක්ෂයක් බැගින් ගෙවීමට කටයුතු කරන බවත් නස්මුල් මහතා පැවැසීය.

නව අදහස දක්වන්න