කවුරු මොනවා කීවත් අපි මහමැතිවරණයට එන්නේ පොහොට්ටුවෙන් | දිනමිණ


 

කවුරු මොනවා කීවත් අපි මහමැතිවරණයට එන්නේ පොහොට්ටුවෙන්

කවුරු මොනවා කීවත් අපි මහ මැතිවරණය තරග කරන්නේ ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජයග්‍රාහී ලකුණ වන පොහොට්ටුවෙන්. ඒක වෙනස් කරන්න මොන බලවේගයකටවත් බැරි බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හලාවතදී පැවසීය.

ඉකුත් ජනපතිවරණයේදී පොදු ජන පෙරමුණට විශිෂ්ට ජයක් ලබාදුන් පුත්තලම් දිස්ත්‍රික් ජනතාවට තුති පිදීමේ ජන හමුවක් ඉකුත් අටවන දින හලාවත ප්‍රදේශීය සභා ශ්‍රවණාගාරයේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් කතාකළ මන්ත්‍රීවරයා 'අවුරුදු හතරහමාරක් අපේ රටේ ජනතාව යහපාලන ආණ්ඩුවෙන් බැට කෑවා. දැන් අපි ඒ පාලනයෙන් රට මුදා ගත්තා. ඒ අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන්. කෙටි කලකින් ජනතා ප්‍රසාදය නැවත ලබා ගනිමින් පොහොට්ටුව ලකුණ ඉහළම තලයකට ගෙනාවා. දැන් උදා වී ඇත්තේ ජනතාවට සහන දෙන කාලයයි. උපාධිධාරීන් රැකියා ලැබීමේ දී උපරිම වයස සීමාව අවු:45 දක්වා වැඩි කළා. ඒ වගේම රැකියා ලක්ෂයේ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි.

පාස්කුදා ප්‍රහාරය අප රටට වැදුණු මරු ප්‍රහාරයක් ඒක ඇත්තටම ඕනෑකමක් තිබුණානම් රජයට වළක්වා ගන්න තිබුණා. බුද්ධි අංශ ලබාදුන් ඔත්තු හරියට ක්‍රියාත්මක කළානම් අප රටේ සිය ගණනක් මිනී මැරෙන්නේ නෑ. ඒ අය මේවා ගැන සොයා බැලුවේ නැහැ. අදටත් යූඇන්පිය ඡන්දවලට බයයි. නමුත් මහින්ද මහත්තයා වෙලාවට කලින් ඡන්ද පොළට යනවා. අපි පුත්තලම හරහා අධිවේගී මාර්ගයක් ඇති කරනවා. අපි ඡන්දවලට බිය විය යුතු නැහැ. ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහත්වරුද කතා කළ අතර රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ, ප්‍රාදේශීය සභාපති සරත් ද සිල්වා මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

විමලසේන නම්මුනි - නාත්තණ්ඩිය සමූහ

නව අදහස දක්වන්න