ශක්තිමත් රාජ්‍යයකට යෝජනාවලියක් ජනපතිට | දිනමිණ


 

ශක්තිමත් රාජ්‍යයකට යෝජනාවලියක් ජනපතිට

ශක්ති සම්පන්න රාජ්‍යයක් අපේම ව්‍යවස්ථාවක් යන තේමාව යටතේ 20 වැනි නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනාවලියක් යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා විසින් ඊයේ(13) කොළඹදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේය.

පසුගිය කාලයේ සිදුකළ මතවාද මැදිහත් වීම ඇගයීම සඳහා ජනාධිපතිවරයාගේ සුරතින් ගුණදාස අමරසේකර ශූරීන් සහ නීතිඥ මනෝහර ද සිල්වා යන දෙදෙනා වෙත සමරු තිළිණයක් පිළිගැන්විය. පාර්ලිමේන්තුවත්, රටත් සම්පූර්යෙන්ම ෆෙඩරල්වාදී, බෙදුම්වාදී ඉල්ලීමේ රූකඩයක් බවට පත්නොකර එක රටක්, එක් නීතියක් යන තේමාව යටතේ රටට යහපත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා සිය ව්‍යවස්ථා යෝජනාවලියෙන් පෙන්වාදී තිබේ. මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරුතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ, කර්මාන්ත සේවා අමාත්‍ය දයාසිරි ජයසේකර, ජී.එල් පීරිස්, අචාර්ය චරිත හේරත් යන මහත්වරු සහභාගී වූහ.

නව අදහස දක්වන්න