වියළි කාලගුණය හමුවේ වුවත් විදුලිය කප්පාදුවක් නෑ | දිනමිණ


 

වියළි කාලගුණය හමුවේ වුවත් විදුලිය කප්පාදුවක් නෑ

ස්වර්ණා විජේකෝන්

රටේ වියළි කාලගුණ තත්ත්වයක් පැවැතිය ද විදුලිය කප්පාදු කිරීමට කිසිඳු අදහසක් නැතැයි ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් අරපිරිමැස්මෙන් යුතුව විදුලිය පරිහරණය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, විදුලි අර්බුදය වෙනුවෙන් විසඳුම් ලබාදීම සඳහා සැලසුම් සකස් කරන බවත්, ඇමැතිවරයා පැවසීය.

පසුගිය පාලන සමයේ දී විදුලිය උත්පානය කිරීමට කිසිඳු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොමැති බවත් විකල්ප බලශක්ති ප්‍රභවයන් යටතේ විදුලිය උත්පාදනය සඳහා සැලසුම් සකස් කර ඇති අතර, 2023 වසර වනවිට නව වැඩපිළිවෙළ අවසන් කරන බවත් ඇමැතිවරයා කීය.

ඇමැති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

නව අදහස දක්වන්න