මාතර-හම්බන්තොට අධිවේගය 23දා විවෘත වෙයි | දිනමිණ


 

මාතර-හම්බන්තොට අධිවේගය 23දා විවෘත වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස මේ මස 23 වැනිදා රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන්ම විවෘත කරන බව මාර්ග සහ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරන බව හෙතෙම ‘දිනමිණ‘ට පැවැසීය. මෙම දිගුව මඟින් රටේ ප්‍රධාන වරායන් හා ගුවන් තොටුපළවල් දෙක සම්බන්ධ කර භාණ්ඩ පහසුවෙන් හුවමාරු කිරීමට හැකි අතර මගීන්ට පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ද ලැබේ.

 


නව අදහස දක්වන්න