UPDATE: උදයංග වීරතුංග CID අත්අඩංගුවට | දිනමිණ


 

UPDATE: උදයංග වීරතුංග CID අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.
 
අද(14) උදෑසන කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
 
මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව  වීරතුංග මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
 
ඔහුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

උදයංග වීරතුංගගෙන් CID ප්‍රශ්න කිරීම් අරඹයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔහුගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

යූ.එල්. 208 දරණ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් අද අලුයම 4.37ට ඔහු දිවයිනට පැමිණ ඇත.

 

නව අදහස දක්වන්න