COVID-19 එරෙහිව තවදුරටත් සටන් | දිනමිණ


 

COVID-19 එරෙහිව තවදුරටත් සටන්

කොරොනා වෛරස් වසංගතයට එරෙහිව දැඩි අවධානයෙන් යුතුව තවදුරටත් සටන් කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව රැස්වෙමින් වත්මන් වසංගත තත්ත්වය විශ්ලේෂණය කරමින් එහි තවදුරටත් පාලන කටයුතු විමර්ශනය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා එහි මුලසුන දරමින් වැදගත් දේශනයක් පැවැත්වීය.

ඔහු සඳහන් කළේ විශාල උත්සාහයන් යටතේ වසංගත තත්ත්වයේ සක්‍රීය වෙනස්කම් සිදුව ඇති අතර එය පාලනය කිරීමේ කටයුතු ද ඵලදායී ප්‍රගතියක් ලබාගෙන ඇති බවත් මේ සඳහා විවිධ අංශ දායක වෙමින් සිටින බවත්ය

වර්තමානයේ, වසංගතය පාලනය කිරීමේ කටයුතු තීරණාත්මක අවධියකට පිවිස ඇති බව පැවසූ ෂී ජින් පිං මහතා ඉතා අවධානයෙන් යුතුව වසංගත පාලන ප්‍රධාන කටයුතු ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කළේ ය. බරපතළ තත්ත්වයක පවතින හෝ දැඩි අවදානම් සහිත ප්‍රදේශවල වසංගතය පාලනය තහවුරු කළ යුතු බව ද ෂී ජින් පිං පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න