කෝවිඞ් නයින්ටීන් නිසා වුහාන් නගරයේ මුදල් නෝට්ටු ඉවතට | දිනමිණ


 

කෝවිඞ් නයින්ටීන් නිසා වුහාන් නගරයේ මුදල් නෝට්ටු ඉවතට

භාවිතයට ගැණුනු මුදල් නෝට්ටු විෂබීජහරණය කිරීමටත් ඒවා වෙන් කර තැබීමටත් චීනය තීරණය කර ඇත.

විදෙස් වාර්තා පැවසුවේ එම මුදල් නෝට්ටු විශේෂ ක‍්‍රියාවලියක් යටතේ විෂබීජහරණය කොට දින 14 ක කාලයකට යටත් වන පරිදි සීල් තබා වෙන් කර තැබීමට චීන බලධාරින් තීරණය කර ඇති බවයි.

එම ක‍්‍රියාවලිය අද සිට ක‍්‍රියාත්මක වන බවද සදහන් වෙයි.

එසේම චීන මහ බැංකුව එරට සියලූ බැංකුවලින් ඉල්ලීමක් කර ඇත්තේ සෑමවිටම ගනුදෙනුකරුවන් හට අලූත් නෝට්ටු නිකුත් කිරීමට උත්සාහ කරන ලෙසයි.

රට තුල ව්‍යාප්ත වී තිබෙන කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ වැඩිදුර ව්‍යාප්තියට වැටබැඳීමක් ලෙසයි චීනය මෙම තීරණයට එළඹ ඇත.

භාවිතයට ගැණුනු මුදල් නෝට්ටු යලි භාවිතයට නොගැනීමෙන් සහ ඒවා භාවිතයෙන් ඉවත් කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කල හැකි යැයි ද අපේක්ෂා කෙරෙනවා.

නව අදහස දක්වන්න