ඩෙනිස් සුළිකුණාටුවෙන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් | දිනමිණ

ඩෙනිස් සුළිකුණාටුවෙන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම්

ඩෙනිස් සුළිකුණාටුවෙන් බ්‍රිතාන්‍යයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
 
පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.පැයට කිලෝමීටර් සියයක වේගයෙන් පැතිර යන සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හැටදහසකට පමණ විදුලිබලය ඇණහිට තිබේ. වැඩිබලපෑම් එල්ල වී ඇත්තේ වේල්සයටයි. ප්‍රදේශ 240 කට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර ඇති බව සදහන්ය.
 
සවුත්වේල්ස් පොලීසිය ඩෙනිස් සුළිකුණාටුවත් සමග ඇතිවූ ගංවතුර තත්වය සහ නායයාම් හේතුවෙන් උද්ගතව ඇති ආපදාවන් කළමනාකරණය සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ. නිවෙස් තුළ සිරවී සිටින ජනතාව බේරා ගැනීමට ද මෙහෙයුම් ක්‍රියාත්මකය.
 
ඩෙනිස් සුළිකුණාටුව බ්‍රිතාන්‍යයේ මහාමාර්ග, දුම්රිය මාර්ග හා ගුවන් ගමන් රැසකට ද බාධා එල්ල වී තිබේ. ඊයේ දිනයේදී එරට ගුවන් යානා 170ක් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළ අතර ඒ හේතුවෙන් දුෂ්කරතාවට ලක්වූ පිරිස 25,000කට අධිකය.
 
ප්‍රංශයටද සුළිකුණාටුවෙන් බලපෑම් එල්ල වී තිබේ. ප්‍රංශයේ 60,000ක පමණ පිරිසකට විදුලිය ඇණහිට ඇති බව විදෙස් වාර්තා පවසයි. ප්‍රංශයේ බ්‍රිටනි කලාපයේ නිවාස 30,000කට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා 450 ක කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ.

නව අදහස දක්වන්න