ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය | දිනමිණ

ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය

පිටපත - යසාරා චතුරානි

ස්වභාවධර්මයා විසින් විශිෂ්ට නිර්මාණ ලොවට දායාද කර ඇත.

මේ අතර සාගරයට හිමි වන්නේ ප්‍රධාන තැනක්.

සාගර වල ද අපූර්ව වූ නිර්මිතයන් ගොඩ නැගීමට  ස්වභාවධර්මයා වෙහෙසී ඇත.

ලොව විශාලතම අභ්‍යන්තර ජලාශය කැසිපියන් මුහුද බව ඔබ දැනුවත් ද ?

මෙය පිහිටා ඇත්තේ මධ්‍යම ආසියාවේ නැගෙනහිරට වන්නට යුරෝපය හා ආසියාව වෙන් කරන සීමා වෙයි.

කැසිපියන් මුහුද මීට වසර මිලියන 50-60 ක කාලයකට පෙර අත්ලාන්තික් හා පැසිෆික් සාගරයට සම්බන්ධව තිබූ බවට සාක්ෂි හමු වී තිබෙයි.

පසුකාලීනව සම්බන්ධතා නැති වී,සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ජලාශයක් බවට පත්ව තිබෙනවා.

කැස්පියන් මුහුද අවට ජනාවාසකරණය සිදුවී ඇත්තේ මීට වසර 75,000කට පමණ පෙරය.

කැසිපියන් මුහුදේ විශාලත්වය වර්ග කිලෝමීටර 143, 244ක් වන අතර එහි උපරිම ගැඹුර මීටර 1,025ක් වෙනවා.

මෙය කි.මී 6,820ක මුහුදු තීරයකට උරුමකම් කියනවා.

කැස්පියන් මුහුදෙන් ඉවතට ජලය යන කිසිදු ස්වභාවික ජල මාර්ගයක් නැහැ.

කෙසේ නමුත් ජල මාර්ග 130කින් පමණ එයට ජලය සැපයෙනවා.

මෙයට ජලය සැපයෙන ප්‍රධානතම ජල මාර්ගය වන්නේ උතුරු දෙසින් ගලා බසින වොල්ගා නදියයි.

කැස්පියන් මුහුද හා ඒ අවට ප්‍රදේශය ඉහළ ජෛව විවිධත්වයකට උරුම කම් කියනවා.

ලොව අනෙකුත් ජල ප්‍රභවවලට මෙන්ම කැස්පියන් මුහුදට ද පාරිසරික තර්ජන රැසක් එල්ල වී තිබෙනවා.

තෙල් නිධි ඇතුළු ස්වභාවික සම්පත් උකහාගැනීමේ දී සිදුවන ජල දූෂණය ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. 

ලෝකය අභියස සෑම මානව ප්‍රජාවගේම වර්තමාන දායකත්වය ස්වභාවධර්මය සුරැකීමයි.

මේ එළඔ ඇත්තේ කථිකාවේ කාලය නොව ක්‍රියාත්මක වීමේ කාලයයි.

නව අදහස දක්වන්න