ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද | දිනමිණ


 

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම අද (18) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතව ඇත.
 
පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි
 
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 10 කින් සමන්විත නව සන්ධානයේ පළමු පක්ෂ නායක රැස්වීම අද (18) පැවැත්වේ.
 
ඒ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
 
එම රැස්වීමට සියලු පක්ෂ නායකයින් සහ ලේකම්වරුන් සහභාගී වනු ඇත බව ද වාර්තා වෙයි.
 
පක්ෂයේ නියෝජ්‍ය සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ, අද පස්වරුවේ එම හමුව පැවැත්වෙන බවයි.
 
එහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 10 කින් සමන්විත නව සන්ධානය නම් කර ඇත්තේ , ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙසයි.
 
එම සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා ඊයේ (17)  පස්වරුවේ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් භාර දුන්නේ ය.
 
 

නව අදහස දක්වන්න