එල්ලං­ගා­වෙන් සරු ලංකා­වක් | දිනමිණ


 

එල්ලං­ගා­වෙන් සරු ලංකා­වක්

නිතර කාල­ගු­ණික විප­ර්යා­ස­ව­ලට මුහුණ දෙන ගොවි­ජ­න­තා­වට බොහෝ විට ජල හිග­යට මුහුණ දෙන්නට සිදු­වෙයි. මෙම ව්‍යාපෘ­තිය මඟින් එල්ලංගා පද්ධති දියුණු කිරීම හරහා වර්ෂාව තදින් ඇද හැලෙන අව­ස්ථා­වල ජලය ඒක­රාශී කර­ග­නි­මින් පසුව ප්‍රයෝ­ජ­න­යට ගත හැකි ආකා­ර­යට සකස් කර­මින් ගොවි­තැන වැඩි­දි­යුණු කර­ගැ­නී­මට අව­කාශ සැලසේ.

 එදා මෙදා­තුර මුළු­ම­හත් ලෝක­යේම පැවැ­ත්මට දායක වූ වෘත්ති­ය­මය සාධ­කය   කෘෂි­ක­ර්මා­න්තය වන අතර අතී­ත­යේ දී ගොවියා යනු ඉතා ඉහ­ළින් පිළි­ගැ­නී­මට ලක් වූ පුද්ගල චරි­ත­යක් විය. වර්ත­මා­නය වන විට කෘෂි­ක­ර්මා­න්තය බොහෝ දෙන­කු­ගෙන් ඈත් වූ වෘත්ති­යක් පම­ණක් නොව කෘෂි­කා­ර්මි­කයා යනු ඉතා දිළිඳු ජීවි­ත­ය­කට උරු­ම­කම් කියන පුද්ග­ල­යකු බවට ද පත්ව සිටී. ආහාර සම්පා­ද­නය කර­ගැ­නීම සඳහා අත්‍ය­වශ්‍ය වන කෘෂි­ක­ර්මා­න්තය අඩ­පණ වීම දැඩි අර්බු­ද රැස­කට හේතු වේ. කෘෂි කර්මා­න්තය වෙනු­වෙන් යහ­පත් රාජ්‍ය මැදි­හත් වීමක් දක්නට ලැබෙන නමුත් කුමක් හෝ අඩු­පා­ඩු­වක් හේතු­වෙන් බල­ධා­රීන්ගේ ඇසෙන් වසන් වූ ගොවි පිරි­සක් අද­ටද ශ්‍රී ලංකාවේ ඈත ගම් දන­ව්වල ජීව­ත්වෙති. ඔවුන් වෙත අව­ධා­නය යොමු කිරීම අත්‍යා­වශ්‍ය වන්නේ ඔවුන් ද රටේ ජීව­නා­ලි­යෙහි කොට­ස්ක­රු­වන් වන නිසාය. කෘෂි­කා­ර්මික ග්‍රාමීය ආර්ථික කට­යුතු පශු සම්පත් සංව­ර්ධන වාරි­මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංව­ර්ධන අමා­ත්‍යාං­ශය මගින් ලෝක බැංකු ආධාර මත ක්‍රියා­ත්මක වන ‘දේශ­ගුණ සුහුරු වාරි කෘෂි­කා­ර්මික ව්‍යාපෘ­තිය’ ( CSIAP) ආරම්භ වන්නේ වග­කි­ව­යු­ත්තන්ගේ ඇසෙන් වහන් වී දුෂ්කර ජීවි­ත­යක් ගත­ක­රන ඈත ගම් දන­ව්වල දිවි ගෙවන එවැනි ගොවි ජන­තා­වට සවි­යක් වෙමින් එල්ලංගා පද්ධති වැඩි­දි­යුණු කිරී­ම­ටය.

ලෝක ආහාර සංවි­ධා­නය මගින් ආහාර ආධාර ආදිය ලබා­දුන් ඉතාම ඈත දුෂ්කර ප්‍රදේශ කිහි­ප­යක ගොවි ජන­තාව මෙම ව්‍යාපෘ­ති­යෙන් ප්‍රති­ලාභ ලබ­න්නන් ලෙස තෝරා­ගෙන තිබේ. 

   

ජලයෙන් උපරිම ප්‍රයෝජන

උතුරු මැද,  වයඹ,  උතුර,  නැගෙ­න­හිර,  ඌව,  දකුණ යන පළා­ත්වල එල්ලංගා පද්ධති ආශ්‍රි­තව මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මට සූදා­න­මක් පවතී. නිතර කාල­ගු­ණික විප­ර්යා­ස­ව­ලට මුහුණ දෙන ගොවි­ජ­න­තා­වට බොහෝ විට ජල හිග­යට මුහුණ දෙන්නට සිදු­වෙයි. මෙම ව්‍යාපෘ­තිය මඟින් එල්ලංගා පද්ධති දියුණු කිරීම හරහා වර්ෂාව තදින් ඇද හැලෙන අව­ස්ථා­වල ජලය ඒක­රාශී කර­ග­නි­මින් පසුව ප්‍රයෝ­ජ­න­යට ගත හැකි ආකා­ර­යට සකස් කර­මින් ගොවි­තැන වැඩි­දි­යුණු කර­ගැ­නී­මට අව­කාශ සැලසේ.

 මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක වන ප්‍රදේ­ශ­වල ගොවි­යන්ගේ වර්ත­මාන සාමාන්‍ය මාසික ආදා­යම රුපි­යල් 40, 000 නොඉ­ක්ම­වීම හේතු­වෙන් ඔවුන් ගත කරන්නේ අති­ශ­යින්ම දුෂ්කර ජීවි­ත­යකි. එම ජීවිත වැඩි­දි­යුණු කිරී­මට මාර්ග­යක් සකස් නොකි­රීම ඔවුන්ට අසා­ධා­ර­ණ­යකි. නිතර වැසි නොවැ­ටෙන මෙම ප්‍රදේ­ශ­වල වර්ෂා කාලයේ  දී  එක්රැස් කර­ගන්නා ජලය ප්‍රයෝ­ජ­න­වත් ආකා­ර­යට යොදා ගනි­මින් වර්ත­මාන ආර්ථික තත්ත්වය යම්තාක් දුරට වර්ධ­නය කර සුව­ප­හසු ජීවි­ත­යක් ගත කර­න්නට ගොවි­යන්ට අව­කාශ සලසා දීම මෙම ව්‍යාපෘ­ති­යෙහි අර­මු­ණකි.

  ප්‍රති­ලාභ ලබන ජන­තා­වට දේශ­ගු­ණික විච­ල්‍ය­තා­ව­යන්ට ඔරොත්තු දිය හැකි ආකා­රයේ ක්‍රියා­ව­ලි­යක් මෙහි දී ක්‍රියා­ත්මක වේ. කෘෂි හා ජල තාක්ෂ­ණය හඳුන්වා දීම මගින් ඔවුන්ගේ කෘෂි­කා­ර්මික කට­යු­තු­වල ඵල­දා­යී­තා­වය ඉහළ නැංවීම සහ අවශ්‍ය කරන අලෙවි පහ­සු­කම් සප­යා­දී­මත් මෙම ව්‍යාපෘ­ති­යෙහි අර­මු­ණක් ලෙස සඳ­හන් කළ හැක. සංර­චක හත­රක් යටතේ මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක වේ.

  කෘෂි­කා­ර්මික නිෂ්පා­ද­නය වැඩි­දි­යුණු කිරීම සහ අලෙ­විය යන සංර­ච­කය යටතේ දේශ­ගු­ණික සුහුරු කෘෂි­ක­ර්මය හා ජල තාක්ෂ­ණය ද අලෙවි කට­යුතු උප සංර­චක ලෙස ද ක්‍රියා­ත්මක වේ. කෘෂි­ක­ර්මය සඳ­හාම වූ කාර්ය­ක්ෂම ජල කළ­ම­නා­ක­ර­ණ­ය­කින් යුතුව කට­යුතු කිරීම සඳහා වාරි­මාර්ග පද්ධති පුන­රු­ත්ථා­ප­නය කිරීම,    යටි­තල පහ­සු­කම් පුන­රු­ත්ථා­ප­නය සහ නවී­ක­ර­ණය ද,  වාරි­මාර්ග පද්ධති මෙහෙ­යුම් හා කළ­ම­නා­ක­ර­ණය ද සිදු කරනු ලබයි. ව්‍යාපෘති කළ­ම­නා­ක­ර­ණය සහ අවි­නි­ශ්චිත හදිසි අව­ශ්‍යතා සඳ­හාද මෙහි ඉඩ­කඩ වෙන් වී තිබේ. ලෝක බැංකුව විසින් ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 125 ක මූල්‍ය ප්‍රති­පා­දන මෙම ව්‍යාපෘ­තිය වෙනු­වෙන් වෙන්කර ඇති අතර ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් මිලි­යන 10ක් සහ ප්‍රජා දාය­ක­ත්වය යටතේ ඩොලර් මිලි­යන 5ක් ලෙස මුළු ව්‍යාපෘති පිරි­වැය  මිලි­යන 140 ක් ලෙස සඳ­හන්වේ.  2024 දක්වා  ක්‍රියා­ත්මක වන මෙම ව්‍යාපෘ­ති­යෙන් දිස්ත්‍රික්ක එකො­ළ­හ­කට අයත් ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථාන 41ක ඇති එල්ලංගා පද්ධති 129 වැඩි දියුණු කිරීම සඳහා තෝරා­ගෙන තිබේ. මේ වන­විට ක්‍රියා­ත්ම­කව පව­තින වැව් 836ක් ද අක්‍රිය වැව්  379ක් ද මේ ඔස්සේ වැඩි දියුණු කරන අතර 62400 ඉක්මවූ සෘජු ප්‍රති­ලා­භීන් පිරි­සක් මෙහි ප්‍රති­ලාභ ලබති.

  කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය,  පළාත් පාලන අමා­ත්‍යාං­ශය,  වාරි­මාර්ග සහ ජල කළ­ම­නා­ක­රණ අමා­ත්‍යාං­ශය,  ජාතික මෙහෙ­යුම් කමි­ටුව යන ආය­තන ජාතික මට්ට­මින් මෙම ව්‍යාපෘ­ති­යට සහාය සල­සන අතර පළාත් කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය ඇතුළු ආය­තන කිහි­ප­යක් පළාත් මට්ට­මින් මෙයට සම්බන්ධ වී සිටිති. දිස්ත්‍රික් සහ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය හා අදාළ දෙපා­ර්ත­මේන්තු ඒකා­බ­ද්ධව දිස්ත්‍රික් මෙහෙ­යුම් කමි­ටුව හා කෘෂි­කර්ම කමි­ටුව යටතේ ක්‍රියා­ත්මක වන අතර ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථාන සහ පළාත් පාලන ආය­තන ඒකා­බ­ද්ධව ග්‍රාම සේවා කාර්යාල,  ගොවි සංවි­ධාන,   ගොවි නිෂ්පා­දන කණ්ඩා­යම් සහ ගොවි සම්මේ­ලන හරහා මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වේ. පෞද්ග­ලික අංශය සහ ව්‍යාපා­රික ප්‍රජාව ද මේ සඳහා දාය­ක­ත්වය ලබා දීමට සූදා­න­මින් සිටිති.

  ප්‍රධාන සැලැස්ම ලෙස ජල කළ­ම­නා­ක­රණ පද්ධ­තිය පුන­රු­ත්තා­ප­නය කරන අතර එම සැලැස්ම සකස් කිරීම සියලු පාර්ශ්ව­ක­රු­වන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන්,  ග්‍රාම සේවා වසම්,  ප්‍රාදේ­ශීය හා දිස්ත්‍රික් මට්ට­මින් ක්‍රියා­ත්මක වේ.  ව්‍යාපෘ­තියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍ය­ක්ෂගේ පූර්ණ අනු­ග්‍ර­හ­යෙන් දිස්ත්‍රික් සැල­සුම් අධ්‍ය­ක්ෂගේ පූර්ණ අධී­ක්ෂ­ණය යටතේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල,  ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථාන සහ ග්‍රාම නිල­ධාරී වසම් තුළ මෙම සැල­සුම් සියල්ල සකස් කෙරේ. මෙම ව්‍යාපෘ­තිය තුළ කොට්ඨාස හා ප්‍රාදේ­ශීය සැල­සුම් කණ්ඩා­යම් පිහි­ටු­වීම,  එම කණ්ඩා­යම් දැනු­වත් කිරීම සහ පුහුණු කිරීම,  තොර­තුරු හා අධ්‍යා­ප­නික වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම,  අව­ශ්‍යතා තක්සේරු කිරීම,  ජල කළ­ම­නා­ක­රණ සැලැස්ම  සකස් කිරීම සහ ඒ සඳහා දිස්ත්‍රික් සංව­ර්ධන කමි­ටුවේ හා දිස්ත්‍රික් කෘෂි­කා­ර්මික කමි­ටුවේ නිර්දේශ ලබා ගැනීම,  එම සැලැ­ස්මට දිස්ත්‍රික් හා පළාත් මෙහෙ­යුම් කමි­ටුවේ අනු­මැ­තිය ලබා­ගැ­නීම,  අනු­මැ­තිය ලබා­ගත් උප ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති ගෙවුම් කමි­ටුවේ නිර්දේශ ලබා ගැනීම හා ක්‍රියා­ත්මක කිරීම යන ක්‍රියා­මාර්ග අනු­ග­ම­නය කළ යුතු වේ.

කෘෂි ව්‍යාපාරික පාසල්

  කුඩා-මධ්‍යම සහ මහා පරි­මාණ වැව්වල බැම්ම,  පිට­වාන,  සොරොව්ව ආදී සියලු අංගෝ­පාංග සංව­ර්ධ­නය කර­මින් වැව් පුන­රු­ත්ථා­ප­නය කර නව ඇළ මාර්ග පද්ධති සකස් කර­මින් රොන්මඩ ඉවත් කිරීම මෙහි මූලික කාර්ය­යක් ලෙස සිදුවේ. වැව තුළ ළිං  ඉදි­කි­රීම සහ කෘෂි­කා­ර්මික මාර්ග පුන­රු­ත්ථා­ප­නය ආදී කට­යුතු ද සිදු­වන අතර අලෙවි පොළ­වල් සංව­ර්ධ­නය කිරීම,  ගබඩා ඉදි­කි­රීම,  බර උප­ක­රණ මිල දී ගැනීම සඳහා ප්‍රති­පා­දන සැප­යීම,  බීජ තවාන් පිහි­ටු­වී­මද මෙම­ගින් සිදු­වන තවත් සේවා­වන් කිහි­ප­යකි.

  කෘෂි­කා­ර්මි­කයා ව්‍යව­සා­ය­කත්ව දැනු­මෙන් පරි­පූර්ණ නොවීම ඔවුන්ගේ ආර්ථි­කය පහළ මට්ට­මක පැව­තී­මට හේතු­වකි. කෘෂි ව්‍යාපා­රික පාසල් ක්‍රම­වේ­දය මගින් ඔවුන්ගේ ව්‍යව­සා­ය­කත්ව දැනුම දියුණු කිරීම ද මෙහි දී සිදු­වන තවත් කාර්ය භාර­යකි. පෞද්ග­ලික අංශයේ මැදි­හ­ත්වීම තුළින් සාම්ප්‍ර­දා­යික ක්‍රම වැඩි දියුණු කර­මින් නව ක්‍රම­වේද හඳුන්වා දෙමින් ඉහ­ළට ගමන් කිරී­මට අවශ්‍ය මාර්ග සකස් වීම හේතු­වෙන් ගොවි සංවි­ධාන සහ සම්මේ­ලන පෞද්ග­ලික අංශය සමඟ සම්බන්ධ කිරී­මද සිදු කෙරේ. ඒ හරහා පුහුණු වැඩ­ස­ට­හන් පැවැ­ත්වෙන අතර නැවත වන වගා පිහි­ටු­වීම,  දේශ­ගු­ණික සුහුරු කෘෂි­කර්ම තාක්ෂණ හුව­මා­රුව,  නිෂ්පා­දන කණ්ඩා­යම් සංවි­ධාන සහ සම්මේ­ලන පිහි­ටු­වීම ආදිය ද සිදුවේ.

ගොවි සංවි­ධා­න­වල ධාරි­තා­වය වර්ධ­නය කිරීම,  ඒකා­බද්ධ සත්ත්ව පාලන හා මිරි­දිය මත්ස්‍ය කර්මා­න්තය ආරම්භ කිරීම,  ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­න­වල ධාරි­තා­වය වැඩි කිරීම,  පුහු­ණු­ක­රු­වන්ගේ සංචි­ත­යක් පිහි­ටු­වීම,  ග්‍රාමීය හා කොට්ඨාස මට්ටමේ රජයේ නිල­ධා­රීන් සහ ගොවීන් පුහුණු කිරීම ආදිය ද සිදු වන අතර දැනු­වත් කිරීමේ චාරිකා ද සංවි­ධා­නය කරයි. සමාජ විග­ණන කමිටු පිහි­ටු­වීම ද මෙහි දී සිදුවේ.

  නිර­න්ත­ර­වම ගැට­ලු­ව­ලට මුහුණ දෙන කෘෂි­කා­ර්මික දිවි පෙවෙ­තක් ගෙවන ජන­තා­වගේ දුක් ගැන­විලි හඳු­නා­ගැ­නීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් ද මෙහි  දී හඳුන්වා  දී තිබේ. සියලු පාර්ශ්ව­ක­රු­වන් ව්‍යාපෘති වාර්තාව මගින් ලබා දී ඇති පරි­සර හා සමාජ ආර­ක්ෂණ ප්‍රති­පත්ති හා එකඟ විය යුතු අතර ආර­ක්ෂිත ප්‍රදේ­ශ­වල පිහිටා ඇති ස්වාභා­වික තෙත්බිම් වනා­න්තර පද්ධති වැනි සංවේ දී ස්වාභා­වික වාස­ස්ථාන වෙනස් කිරීම හෝ හානි කිරීම කිසි­සේත්ම සිදු නොකළ යුතු වේ. එසේම ආක්‍ර­ම­ණික ශාක සහ සත්ත්ව කොට්ඨාස හෝ විස සහිත රසා­ය­නික කෘමි­නා­ශක වර්ග භාවිත නොකළ යුතු අතර සංවේ දී ජනා­වාස රටා­වන් වෙනස් කිරී­මද සිදු නොකළ යුතු වේ.

 

හඳුනා ගැනීමේ වැඩසටහන්

  අතී­තයේ පැවැති ඇතැම් වැව් අමුණු වනා­න්තර තුළ සැඟව ගොස් විනා­ශ­යට පත්වී ඇති අතර මෙම ව්‍යාපෘ­තිය සඳහා හඳු­නා­ගැ­නීමේ වැඩ­ස­ට­හ­න්ව­ල දී ගොවීන් විසින් එම වැව් අමුණු නැවත සකස් කර පිළි­ස­කර කර තමන්ගේ කෘෂි­කා­ර්මික අව­ශ්‍යතා සඳහා ලබා­දෙන ලෙසද ඉල්ලීම් කර තිබේ. එයට හේතු­වක් ලෙස ඔවුන් සඳ­හන් කරන්නේ සතු­න්ගෙන් සිදු­වන හානි සඳහා ද එය පිළි­ය­මක් බවයි. වනා­න්තර තුළ වැව් අමුණු සකස් කිරී­මෙන් ජලය එක්රැස් වීම නිසා සතුන් ජලය සොයා­ගෙන ගම් තුළට ගමන් කිරීම අවම වන අතර එම­ගින් වන සතු­න්ගෙන් සිදු­වන හානි බොහෝ අඩු­වන බව ගොවි ජන­තාව පව­සති.

  මෙම ව්‍යාපෘ­තිය මුළු­ම­නින්ම පාහේ ගොවි­යන් සමඟ සාකච්ඡා කිරීම හරහා ඔවුන්ගේ අව­ශ්‍යතා හඳුනා ගනි­මින් සකස් කළ එකක් නිසා ඔවුන්ට වැඩි ප්‍රති­ලාභ ප්‍රමා­ණ­යක් මේ තුළින් හිමි වේ. වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමඟ ද සාකච්ඡා පව­ත්ව­මින් වනා­න්තර තුළ ඇති වැව් ද ප්‍රති­සං­ස්ක­ර­ණය කර­මින් ජන­තා­වගේ පහ­සුව සඳහා ලබා­දී­මෙන් අති­රේක වාසි සිදු­වන බව මෙම ව්‍යාපෘ­ති­යෙහි මහ­ජන අද­හස් විමසා බැලී­මෙන් සනාථ වේ. ගොවි ජන­තාව නගා­සි­ටු­ව­මින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහ­ළට ගෙන යාම තුළ රටෙහි ආහාර සැප­යුම ඉහළ නැංවී­මෙන් ගොවි­යන්ට ඵල­දායි සහ ගුණා­ත්මක ජීවි­ත­යක් ලැබෙන අතර එයින් සියලු ජන­තා­වට  වඩාත් පහසු ජීවි­ත­යක් ගත කිරී­මට ආහාර අව­ශ්‍ය­තාව සම්පූර්ණ වේ.

දිල්රූ ජය­සේ­කර

නව අදහස දක්වන්න