දශක හතක මංමු­ළාව | දිනමිණ


 

දශක හතක මංමු­ළාව

අපට, ‘ශ්‍රී ලාංකික‍යා’ යන පොදු දෘෂ්ටි­වා­ද­යට පැමි­ණී­මට නොහැ­කිව තිබේ. තව­මත් අප හිතන්නේ සිංහ­ල­යකු, ද්‍රවි­ඩ­යකු හෝ මුස­ල්මා­නු­වකු ලෙසට ය. සමාජ ප්‍රශ්න දෙස බලන්නේ ද ඒ ආකා­ර­යෙනි. 

බල අරගල

වෙළෙඳ යුද්්ධය

සමාජ පරිණාමය

ජාතික සංවර්ධනය

යුරෝපා රට­වල ජාතික රාජ්‍ය වර්ධ­නය වී,  සමාජ, ආර්ථික දේශ­පා­ලන ක්‍රියා­වලි පව­ත්වා­ගෙන, යම්කිසි අව­ස්ථා­ව­කට පැමිණි විට, ඒ රට­වල අභ්‍ය­න්තර දේශ­පා­ලන, ආර්ථික වර්ධ­නය ද මුහු­කුරා ගියේය.  රට අභ්‍ය­න්තර සම්පත් ප්‍රමා­ණ­වත් නොවූ­විට, ඔවුන් දේශ­ග­වේ­ෂ­ණ­යට යොමු විය. යට­ත්වි­ජි­ත­වා­දය නමැති සංක­ල්පය භාවි­ත­යට පැමි­ණියේ මේ හරහා ය.

යට­ත්වි­ජි­ත­වා­දය යනු, මීට වසර 500 කට පමණ පෙර පැවැති ක්‍රියා­ව­ලියේ ප්‍රති­ඵ­ල­යක් ලෙස, පෘතු­ගා­ලය, ඕල­න්දය, බ්‍රිතාන්‍ය වැනි යුරෝ­පයේ ප්‍රධාන රට­වල්, ලෝකයේ සෙසු රට­වල් සෘජු ලෙස පාල­නය කර­මින්, එම රට­වල ස්වභා­වික මෙන් ම බුද්ධි­මය සම්පත් සූරා­කෑමේ ක්‍රම­යකි. මෙය යට­ත්වි­ජි­ත­වා­දය, යට­ත්වි­ජි­ත­වාදී පද්ධ­තිය, අධි­රා­ජ්‍ය­වාදී යට­ත්වි­ජි­ත­වාදී පද්ධ­තිය ලෙස ව්‍යව­හාර කෙරේ. කල­කට පසු, යට­ත්වි­ජිත ලෙස  දීර්ඝ කාල­යක් පැවති රට­වල,  නිද­හස් ව්‍යාපාර, ජාතික විමුක්ති ව්‍යාපාර, අර­ගල උත්සන්න විය. ඉන්දි­යාව, චීනය, ලංකාව වැනි රට­වල එවැනි සංධි­ස්ථාන දැක­ගත හැකි විය. 1800 පමණ වන­විට, ලිබ­ර­ල්වාදී චින්ත­නය දියුණු වීමත් සමඟ, යට­ත්වි­ජිත අල්ලා­ගෙන සිටි රට­වල බුද්ධි­ම­තුන්, සම­හර දේශ­පා­ල­න­ඥ­යන්, යට­ත්වි­ජි­ත­ව­ලට නිද­හස දිය යුතු ය යන අද­හ­සට  පක්ෂව කට­යුතු කර ඇත.

 

    1917 රුසි­යානු විප්ල­ව­යත් සමඟ, ලෝක දේශ­පා­ල­නයේ සැල­කිය යුතු වෙන­සක් විය. එතෙක් පැවැති ලෝක දේශ­පා­ලන ව්‍යුහය වෙනස් වී, ගොවි, කම්කරු පොදු­ජන රාජ්‍ය­යක් බිහි විය. ඉන්, යට­ත්වි­ජි­ත­වල ජන­තා­වට මහත් ආස්වා­ද­යක් ලැබිණි. මේ අතර, අධි­රා­ජ්‍ය­වාදී රට­වල් අතරේ ලෝකය බෙදා ගැනීම වෙනු­වෙන් බල අර­ග­ල­යක් ද ක්‍රියා­ත්මක විය. 1929 මහා ලෝක ආර්ථික අර්බු­ද­යත් සම­ඟම, අධි­රා­ජ්‍ය­වාදී රට­වල් අතර, අර්බුද  ඇති­ව­න්නට විය. ඒ අනුව,  දෙවැනි ලෝක යුද්ධ­යට මඟ පෑදිනි.  අන­තු­රුව ඇතිවූ අලුත් තත්ත්වය තුළ, තව දුර­ටත් අධි­රා­ජ්‍ය­වාදී පද්ධ­තිය පව­ත්වා­ගෙන යාමේ අයි­ති­යක් හා හැකි­යා­වක් නැති විය. ඒ අනුව, 1940 අව­සාන භාගය වන­විට යට­ත්වි­ජිත වෙත නිද­හස ලබා දීමේ අව­ශ්‍ය­තාව පැන නැගුණි. එලෙස, ලෝක වර්ධ­නයේ දීර්ඝ ක්‍රියා­ව­ලි­යත් සමඟ ඇතිවූ, දේශ­පා­ලන, ආර්ථික වශ­යෙන් ලැබුණු තත්ත්වය, අපි නිද­හස ලෙස අරුත් ගන්වමු. 

 ‘නිද­හස‘ ලෙස හැඳි­න්වූ­වාට, එය සැබෑ නිද­හ­සක්ද? ඒ අය, එතෙක් කලක් අප මත පැටවූ සමාජ, ආර්ථික රටා­ව­ලින් සම්පූ­ර්ණ­යෙන් අප නිද­හස් වුණාද? නැද්ද? යන්න පිළි­බඳ පවත්නා කති­කා­ව­තත් සම­ඟම, බොහෝ අය සල­කන්නේ අපට හිමි වූයේ නාමික නිද­හ­සක් බව ය. අද වන­විට, ‘අපට නිද­හස නොලැ­බුණා නම් හොඳ‘ යැයි සම­හරු පව­සති. එයට හේතුව, අප වැනි රට­වල දියත් වූ නිද­හස, අංග­ස­ම්පූර්ණ කර ගැනීමේ, ප්‍රති­සං­ස්ක­ර­ණය කර ගැනීමේ සහ ස්වෛරී ස්වාධීන රාජ්‍ය බවට පත් වීමේ ක්‍රියා­ව­ලිය, යථා­ර්ථ­යක් බවට පත්කර ගැනී­මට ජාතික දේශ­පා­ලන පන්ති­යට, විද්ව­තුන්ට, ජන­තා­වට නොහැකි වීම ය. අප වැනි රට­වල රාජ්‍ය පාල­නයේ, පරි­පා­ල­නයේ පව­තින අක්‍ර­ම­වත් බව මෙයට හේතුවී තිබේ.නිද­හ­සින් පසු අපට විසඳා ගැනී­මට ප්‍රධාන ප්‍රශ්න තුනක් පැව­තුණි. ඒ, බහු ආර්ථික, බහු වාර්ගික, බහු සංස්කෘ­තික රටක් ලෙස හැම­ටම ජීව­ත්විය හැකි රටක් බිහි­කර ගැනීම ය. එහෙත් එය ඉටු­කර ගැනී­මට නොහැකි විය. නිද­හ­සෙන් වසර 72 ක් ගතවී ඇතත්, මෙතෙක් අපට ගැළ­පෙන රාජ්‍ය ක්‍රම­යක් බිහි­කර ගැනී­මට නොහැ­කිව තිබේ. 

ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව යනු, රටේ සියලු ජන­තාව ඒකා­බ­ද්ධව ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වන ප්‍රධාන නීතිය හා ප්‍රධාන ලිය­විල්ල ය. එය අපට සකසා ගැනී­මට නොහැකි වූවා යනු, ජාතික රාජ්‍ය ගොඩ­නගා ගැනී­මට අපට හැකි­යා­වක් ලැබී නැත යන්න ය. බුද්ධි­මත් ප්‍රජාව, ජාතික දේශ­පා­ලන ප්‍රභූ­ත්වය, පොදුවේ ගත්විට ජාතික ප්‍රභූ දේශ­පා­ල­නය තුළ තිබෙන බෙදීම්, විවිධ මත­වාද, ජාතික දේශ­පා­ල­නයේ නියුක්ත වූවන්ට, ජාතික දේශ­පා­ල­නයේ ශක්තිය, සිය රටේ ප්‍රශ්න විසඳා ගැනී­මට  යොදා­ගත  හැකිවී නැත. 

අපට ගැළ­පෙන සමාජ, ආර්ථික සංව­ර්ධන මාව­තක් ගොඩ­න­ගා­ගත නොහැකි වීම දෙවැනි කාර­ණ­යයි. අපට ගැළ­පෙන්නේ  කුමන විදිහේ ආර්ථි­ක­යක්ද? සමාජ, ආර්ථික සංව­ර්ධන ප්‍රති­ප­ත්ති­යක්ද?ඒ ගැන අප විවිධ අත්හදා බැලීම් කර ඇත. බට­හිර ලිබ­රල් ක්‍රමය අත්හදා බලා, පසුව මිශ්‍ර ආර්ථි­කය, සමා­ජ­වාදී නැඹු­රුව, ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ, විවෘත ආර්ථික ප්‍රති­ප­ත්තිය ආදිය වෙතට යොමු විය. ඒත් අපට තව­මත් නිවැ­රැදි සමාජ, ආර්ථික සංව­ර්ධන මාව­තක් සකසා ගැනී­මට හැකිව නැත.  මේ නිසා, වර්ත­මාන ගෝලීය ආර්ථි­කය සමඟ යා යුතු ආර්ථි­කය  සම්බන්ධ අපැ­හැ­දිලි දේ ප්‍රකාශ කෙරෙ­මින් ඇත. මෙයින් ගම්‍ය වන්නේ, නිද­හ­සෙන් පසු සමාජ ආර්ථික වැඩ­ස­ට­හන, අපට අවැසි සාධ­නීය තැන­කට ගත නොහැකි වී ඇති බව ය. එයට හේතුව, බට­හි­රින් එන ආකෘති ඒ ආකා­ර­යෙන් ම ප්‍රයෝ­ජ­න­යට ගැනීම ය. 

තෙවැනි කාර­ණය, පොදු ජාතික මත­වා­ද­යක් ගොඩ­නගා ගැනී­මට නොහැකි වීම ය.  නිද­හ­සින් පසු ඕනෑම රටක් ඒකා­බද්ධ වෙයි. අනෙ­කුත් රට­වල්, බහු විවි­ධ­ත්වය, බහු ජාති­ක­ත්වය, විවි­ධා­කාරී සංස්කෘති, පන්තිය වැනි සාධ­ක­වල ප්‍රති­ඵ­ල­යක් ලෙස, පොදු ජාතික මත­වා­ද­යක් ගොඩ­න­ගා­ගෙන ඇත. එහෙත් අපට, ‘ශ්‍රී ලාංකික‍යා’ යන පොදු දෘෂ්ටි­වා­ද­යට පැමි­ණී­මට නොහැ­කිව තිබේ. තව­මත් අප හිතන්නේ සිංහ­ල­යකු, ද්‍රවි­ඩ­යකු හෝ මුස­ල්මා­නු­වකු ලෙසට ය. සමාජ ප්‍රශ්න දෙස බලන්නේ ද ඒ ආකා­ර­යෙනි. ඉන්දි­යාවේ ජාතීන් එක­සිය ගණ­නක් ජීවත් වුණත්, ඔවුන් හිතන්නේ ‘මම ඉන්දි­යා­නු­වෙක්‘ කියා ය. අප තුළ පව­තින ආකල්ප මෙසේ වීමට හේතුවී තිබේ.

යට­ත්වි­ජි­ත­යක් වීමට පෙර අප රට තුළ පැව­තියේ, සරල, ස්වයං­පෝ­ෂිත ආර්ථික ක්‍රම­යකි. එහෙත්, යට­ත්වි­ජි­ත­යක් වීමෙන් පසු, ධන­වාදී ආර්ථි­ක­යට, වාණිජ බෝග වගා­වට යොමු විය. එම­ඟින්, අපේ ආර්ථි­කය, ලෝක වෙළෙඳ පොළේ කොට­සක් බවට පරි­ව­ර්ත­නය කෙරිණි. එකී ආර්ථි­ක­යක පව­ත්වා­ගෙන යාමට  අවැසි පරිදි  මංමා­වත්, දුම්රිය, සන්නි­වේ­දන ආදී යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කෙරිණි. එහිදී, පැවැති ව්‍යුහ­යන් නැතිවී, වෙනත් ව්‍යුහ  ගොඩ­නැ­ගිණි. දේශ­පා­ලන ක්ෂේත්‍ර  තුළ ද පැරැණි දේශ­පා­ලන ව්‍යුහ වෙනු­වට, යුරෝ­පීය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, ලිබ­ර­ල්වාදී අද­හස් එක්කාසු විය. ඒ අනුව අපේ සමා­ජයේ සාම්ප්‍ර­දා­යික දේත් සම­ඟම, නූත­න­වාදී ධන­වාදී පාලන, ආර්ථික ක්‍රම, අධ්‍යා­පන කට­යුතු  අපට සම්මි­ශ්‍ර­ණය වී තිබේ. නිද­හ­සින් පසු අප­ටම අනන්‍ය සමා­ජ­යක් ගොඩ­නගා නොගැ­නීම නිසා,  අපත් සම­ඟම නිද­හස ලබා­ගත් අනෙ­කුත් රට­ව­ලට වඩා, අප පසු­ගාමී තත්ත්ව­ය­කට පත්ව ඇත. 

    අප අද භුක්ති විඳින්නේ සැබෑ නිද­හ­සක්ද? යන්න පිළි­බඳ ගැටලු මතුව ඇත්තේ, යට­ත්වි­ජිත යුග­යේදී අප සෘජුව පාල­නය කළ අධි­රා­ජ්‍ය­වා­දීන්, නිද­හ­සින් පසු­වත් වක්‍රීය උප­ක්‍රම හරහා අප පාල­නය කිරී­මට යොමු­වීම නිසා ය. එය නව යට­ත්වි­ජි­ත­වා­දය ලෙස හඳු­න්වයි. ආර්ථික, දේශ­පා­ලන, සංස්කෘ­තික හා විවිධ ප්‍රඥප්ති හරහා මේ කාර්ය සිදුවේ. ඔවුන් පිළි­ගත් නව ලිබ­ර­ල්වාදී ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ල­නය, අපට ද පිළි­ගන්නා ලෙස පව­සයි. එසේ නොවූ­විට යම් යම් සම්බා­ධක පැනවේ. සංස්කෘ­තික අතින් ගත්විට අපේ ජාතික සංස්කෘ­තික ලක්ෂ­ණ­ව­ලට වඩා මාධ්‍ය මඟින් බට­හිර සංස්කෘ­තිය කර්මා­න්තය උත්ක­ර්ෂ­යට ලක් කර­මින් පෙන්වයි. මානව හිමි­කම්, අයි­ති­වා­සි­කම්, ලිබ­රල් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නිද­හස වැනි වටි­නා­කම් හා දෘෂ්ටි­වාද අපට ගැළ­පී­මට කට­යුතු කරයි. එහෙත් ඒවා ශ්‍රී ලංකාව, චීනය, ඉන්දි­යාව වැනි රට­ව­ලට ගැළ­පෙන ඒවා නොවේ. එවිට, මේවා ක්‍රියා­වට නැංවී­මට බල කිරීම සහ අපගේ යථා­ර්ථ­වාදී හැකියා අතර පර­ස්ප­රතා ඇති වේ. මේ නිසා, මේ යුගය වන­විට අප සම්පූ­ර්ණ­යෙන්ම නිද­හස්ද යන ගැට­ලුව මතුව ඇත.

 

   නිද­හස යනු හැම රට­ක­ටම, තමන්ට අභි­මත සමාජ සංව­ර්ධන, සංස්කෘ­තික මාව­තක් පව­ත්වා­ගෙන යාමේ හැකි­යාව ය. එසේ නැති­විට, ගෝලීය උපරි සමා­ජය මඟින් බල කරන ආර්ථික, දේශ­පා­ලන, සංස්කෘ­තික සහ එම පරි­පා­ලන ව්‍යුහ, අප රට­ව­ලට, බල­හ­ත්කා­ර­යෙන් ආදේශ කෙරේ. 

අද අප සිතිය යුත්තේ, මීට 72 වස­ර­කට පෙර ලබා­ගත් නිද­හස පිළි­බඳ නොව, වර්ත­මාන වන­විට අප නිද­හස්ද? යන්න පිළි­බඳ  ය. දේශී­ය­ත්ව­යට ගැළ­පෙන ආර්ථි­ක­යකි, දේශ­පා­ලන ක්‍රම­යක්, අධ්‍යා­පන ක්‍රම­යක් පව­ත්වා­ගෙන යාමට හැකි­යා­වක් නැති නිසා, අද වන­විට නිද­හස යන්න  ව්‍යාජ­යක් බවට පත්ව ඇත. ඇක්සා, සෝපා, එම්සීසී වැනි ගිවි­සු­ම්ව­ලින් සිදු­වන්නේ, අප වක්‍රී­යව පාල­නය කිරී­මකි. ගෝලීය උපරි රාජ්‍යයේ ඕනෑ එපා­කම් අනුව, අප වැනි ජාතික රාජ්‍ය­වල ප්‍රති­පත්ති ක්‍රමා­නු­කූ­ලව හැඩ­ගැ­ස්වී­මකි.  මෘදු බලය (Soft power) මඟින් එය සිදු කරයි. විවිධ බල­පෑම් ඔස්සේ, මත­වාද හරහා, ‘මෙය තමයි හොඳ ම දේශ­පා­ලන ක්‍රමය. හොඳ ම දේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, ලිබ­ර­ල්වා­දය, මේ විදි­හට මැති­ව­රණ පව­ත්වන්න‘ යැයි පව­සයි. එසේ නොක­ළොත්, සම්බා­ධක පන­වයි. එසේ බල­පෑම් කළ නොහැකි විට, යුද්ධය වැනි දැඩි  ක්‍රම මඟින් බලය (Hard Power) යොදයි. මේ වන­විට ඉරා­නය, ඉරා­කය, යුක්‍රේ­නය, ලිබි­යාව වැනි රට­වල් මුහුණ පා සිටින්නේ මේ තත්ත්ව­යට ය. ඉදි­රි­යේදී චීන­යට ද මෙයට මුහුණ දීමට සිදුවේ.

අමෙ­රිකා එක්සත් ජන­ප­දය, චීනය අතර වන වෙළෙඳ යුද්ධය, මේ කලා­ප­යට පම­ණක් නොව, ‍ලෝක ආර්ථි­ක­ය­ටම බල­පා­න්නකි. 

 

ජාතික නිද­හස ශක්ති­මත් කර ගැනී­මට යැයි පවසා, අපට අනන්‍ය ක්‍රම­යක් සකසා ගැනීමේ හැකි­යා­වක්, අද වන­විට නැත. එයට හේතුව සමස්ත රට­වල්, ජාල­යක් බවට පත්ව තිබීම  ය. දෙවැනි ලෝක යුද්ධ­යෙන් පසු, සමාජ පරි­ණා­මය ගෝලීය උපරි සමාජ ක්‍රම­යක් දක්වා වර්ධ­නය වී, එනම් ජාතික රාජ්‍ය අභි­භවා ගොස් , එයට ඉහ­ළින් දැවැන්ත ආර්ථික, දේශ­පා­ලන, යුද­මය සංස්කෘ­තික ව්‍යුහ­යක් නිර්මා­ණය වී තිබේ. මෙය නියෝ­ජ­නය කරන්නේ බහු­ජා­තික, පාර­ජා­තික සමා­ගම් ය. ඒ අනුව, සමස්ත ආර්ථි­කය ගෝලීය උපරි රාජ්‍ය මඟින් හසු­ර­වයි. එහි ප්‍රධාන උපාං­ගය ලෝක බැංකුව, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, ගැට් සංවි­ධා­නය, ඩාඕ  ආර්ථික සමු­ළුව, ජී 8 කණ්ඩා­යම ය. මොවුන් මේ අව­ස්ථාවේ පෘථි­විය පාල­නය කරන හා මෙහෙ­ය­වන, ගෝලීය ක්‍රියා­ව­ලිය මෙහෙ­ය­වන බල­වේග වේ.  අමෙ­රි­කාව, ප්‍රංශය, එංග­ල­න්තය, අපේ රට ආදී සියලු ම ජාතික රාජ්‍යය ද එයට  යටත් වේ.  ජාතික රාජ්‍යය අපේක්ෂා කරන දේ, ගෝලීය උපරි රාජ්‍ය අපේක්ෂා කරන්නේ නැත. උදා­හ­රණ ලෙස යුරෝපා සංග­ම­යෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම දැක්විය හැකි ය. යුරෝපා සංග­මය යනු ගෝලීය උපරි රාජ්‍යයේ එක ව්‍යුහ­යකි. ඔවුන් මෙසේ ඉවත් වීමට හේතුව, යුරෝපා පාර්ලි­මේ­න්තුව ගන්නා තීර­ණ­ව­ලින් 35% ක් ම ඉංග්‍රීසි ජන­තා­වට වලංගු වීම ය.  එයට යටත් වීමට ඔවුන් කැමැති නැත. බ්‍රිතා­න්‍ය­යට අවශ්‍ය, ඉංග්‍රීසි ජාතික රාජ්‍යය පව­ත්වා­ගෙන යාමට නිද­හ­සක් ය. මෙහිදී ‘නිද­හස’ යන්න අලුත් ආකා­ර­ය­කට මතුව තිබේ. එනම්, ගෝලීය උපරි රාජ්‍ය මඟින් වක්‍රව යට­පත් කර­ගත්  ජාතික රාජ්‍යය, එයින් නිද­හස් වීම ය. මේ වන­විට ගෝලීය වර්ධ­නයේ ප්‍රධාන ප්‍රති­වි­රෝ­ධතා දෙක ලෙස මේවා හඳු­නා­ගත හැකි ය.

වර්ත­මා­නය වන­විට නිද­හස සම්බන්ධ අනෙක් වැද­ගත්ම කරුණ, බට­හිර ගෝලීය උපරි සමා­ජය දියුණු කරන නව තාක්ෂ­ණික ස්වයං­ක්‍රීය පද්ධති නිසා, ‘මනු­ෂ්‍ය­ත්වය’ වේග­යෙන් නැතිව යෑම ය. නැණ­වත් මාන­වයා වන හෝමෝ සේපි­යන්, මේ වන­විට ‘හෝමෝ ටෙක්නික්ස්‘ කෙනකු බවට පරි­ණා­මය වී ඇත. එනම්, මනු­ෂ්‍යයා ස්වයං­ක්‍රීය පද්ධ­ති­යක් බවට පත්ව ඇත. එවිට මනු­ෂ්‍යයා නැතිව යයි. මේ නිසා, අපට යථා­ර්ථ­යක් කර ගැනී­මට නොහැකි වූ ජාතික නිද­හස නොවි­සැඳී තිබි­යදී , මේ වන­විට ‘මනු­ෂ්‍ය­ත්වයේ නිද­හස’ යන ප්‍රශ්නය උද්ග­තව ඇත. මේ වන­විට ඇත්තේ, ජාතික විමු­ක්තියේ, ජාතික නිද­හසේ ප්‍රශ්න­යට වඩා, මනු­ෂ්‍ය­ත්වයේ විමු­ක්තිය, මනු­ෂ්‍ය­ත්වයේ නිද­හස පිළි­බඳ ප්‍රශ්න­යකි. යථා­ර්ථ­යක් කර ගැනී­මට නොහැකි වූ ‘ජාතික නිද­හස’ එලෙ­සම පැව­ති­යදී,  පැන­නැ­ඟුණු ‘මනු­ෂ්‍ය­ත්වය පිළි­බඳ ප්‍රශ්නය‘, 21 වැනි සිය­වසේ දෙවැනි දශ­ක­යේදී ජාතික වශ­යෙන් පම­ණක් නොව, ගෝලීය වශ­යෙන් නිර්මා­ණය වී ඇති සංකීර්ණ තත්ත්ව­යකි.

 

මේ මොහොතේ ජාතික නිද­හස යථා­ර්ථ­යක් බවට පත්කර ගැනී­මට නම්, ජාතික රාජ්‍ය­යක් ලෙස,  ශ්‍රී ලාංකේය සියලු ජන කොටස් ඒකී­යව සම­ස්ත­යක් විදි­හට එක අර­මු­ණ­කට පැමිණ, සම­කා­ලීන ගෝලීය උපරි රාජ්‍ය ගෙන­යන සැබෑ යථා­ර්ථ­වාදී අර­මුණ තේරු­ම්ගත යුතු ය. එසේ නොවු­ණොත්, වර්ත­මා­නයේ පව­තින ආකා­ර­යට තව දුර­ටත්  සීසී­කඩ වී, කුලල් කා ගැනී­මට සිදුවේ.‍ ගෝලීය උපරි රාජ්‍ය මේ වන­විට එම සට­නට එළැඹ නැත. ඔවුන්ගේ ක්‍රමය යුද්ධ­ය­කට නොගොස්,  රට­වල් විනාශ කිරීම ය. ස්ටීවන් මෙන් නමැති ගෝලීය උපරි රාජ්‍යයේ න්‍යායා­චා­ර්ය­ව­රයා පවසා ඇත්තේ, ලිබ­රල් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පව­ත්වා­ගෙන යාම, සියලු ම ප්‍රශ්න විස­ඳී­මට වෙළෙඳ පොළට බාර දීම, ජාතික දේශ­පා­ලන ප්‍රභූ­ත්වය සහ ඔවුන්ගේ සුඛ විහ­ර­ණය වැඩි කිරීම, සාම්ප්‍ර­දා­යික අද­හස්, පුරු­ෂාර්ථ, ආගම්, මත­වාද විවෘ­තව විවේ­චන හරහා, රට­වල් විනාශ කිරීම් කරන බව ය. පසු­ගිය කාලයේ අප සමා­ජයේ සිදු වූයේ ද මෙය ම  ය. 

සමා­ජ­යක් පව­ත්වා­ගෙන යාමේ බල­කණු දෙකක් ඇත. පළමු වැන්න, වටි­නා­කම් ය. එනම්, යම්කිසි සමා­ජ­යක ජීවත් වන, මිනි­සුන් වඩාත්ම වැද­ගත් යැයි සිතන දේ ය. දෙවැන්න,  ‘පර­මා­දර්ශ‘ ය. පර­මා­දර්ශ යනු දැනට නැති, එහෙත් ඇති­කර ගැනී­මට උත්සාහ කරන දේ ය. එහෙත් මේ හැම­දේම විවේ­ච­නය කර­න්නට ගිය­විට, වටි­නා­කම නැතිව යයි. අද­ව­න­විට වටි­නා­කම් බවට පත්ව ඇත්තේ, වෙළෙඳ වටි­නා­කම් ය. එනම් තර­ග­කා­රී­ත්වය, ගිජු­කම වැනිදේ ය. එවන් තත්ත්ව­යක් තුළ නිද­හ­සක් පිළි­බඳ කතා කළ හැකිද? මේ නිසා, රට තුළ පව­තින මේ තත්ත්වය සංවි­ධා­නය කර, සංයුක්ත කළ­හැකි ප්‍රබල දේශ­පා­ලන ව්‍යුහ­යක් ගොඩ­නැ­ගීම එක පැත්ත­කින්  අවශ්‍ය ය. එහෙත් එය පම­ණක් ප්‍රමා­ණ­වත් නැත. අප යා යුත්තේ කොහා­ටද? යන්න පිළි­බඳ අව­බෝ­ධ­යක් ද අපට තිබිය යුතු ය. අනෙක් අතට, ගෝලීය උපරි සමා­ජ­යට විරුද්ධ යම්කිසි බල­වේ­ග­යක් ලෝක මට්ට­මෙන් ඇති­විය යුතු ය. මේ වන­විට චීනය, රුසි­යාව, දකුණු අප්‍රි­කාව වැනි රට­වල් හරහා ඊට අවශ්‍ය බල­වේග සංවි­ධා­නය වෙමින් පවතී. බ්‍රිජ්, ෂැංහයි වැනි සංවි­ධාන  ඊට උදා­හ­රණ ලෙස දැක්විය හැකි ය. මොවුන්, හෝමෝ ටෙක්නි­කස්  ප්‍රව­ණ­තා­වට එරෙහි, මාන­ව­වාදී සහ සංස්කෘ­තික ප්‍රවා­හ­යක් දියුණු කර­මින් සිටී.

අප, අපේ ජාතික සංව­ර්ධ­නය තහ­වුරු කර ගැනීම සඳහා, නව වික­ල්ප­ය­කට යා යුතු ය.

වර්ත­මා­නයේ නව ලිබ­ර­ල්වාදී ගමන් මඟේ යාම අර්ථ­ශූන්‍ය ය හේතුව ලිබ­ර­ල්වා­දය අර්බු­ද­යට ගොස් පැව­තීම ය. 

නව අදහස දක්වන්න