පැනමාහි ගෘහස්ථ සබ්මැරිනයකින් කුඩු ටොන් 5කට වැඩි ප්‍රමාණයක් සොයා ගනී | දිනමිණ


 

පැනමාහි ගෘහස්ථ සබ්මැරිනයකින් කුඩු ටොන් 5කට වැඩි ප්‍රමාණයක් සොයා ගනී

ගෘහස්ථව නිෂ්පාදනය කළ සබ්මැරීන් යාත්‍රාවක තිබී මත්කුඩු ටොන් 5කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පැනමා රාජ්‍යයේ නිලධාරීන් සමත් වී තිබේ.

එරට වෙරළබඩ ප්‍රදේශයක සිදුකළ විශේෂ සෝදිසියක දී එම මත්ද්‍රවම්‍ය තොගය සමඟ කොලොම්බියානු ජාතිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවද වාර්තා වේ.

නිලධාරීන් භාරයට ගත් මත්ද්‍රව්‍ය කුමන වර්ගයකට අයත්ද යන්න පිළිබඳ බලධාරීන් මෙතෙක් අනාවරණය කර නොමැත.

නමුත් මීට පෙර මෙවැනි යාත්‍රාවලින් අමෙරිකාවට සහ යුරෝපයට ප්‍රවාහනය සඳහා රැගෙන යමින් තිබු කොකේන් මත්ද්‍රව්‍ය පැනමා බලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

නව අදහස දක්වන්න