යහපාලන රජය මාතලේ ලොකු ලූනු වගාව කෑවා | දිනමිණ


 

යහපාලන රජය මාතලේ ලොකු ලූනු වගාව කෑවා

 

ගොවීහු පවසති

 

ශ්‍රී ලංකාව තුළ ලොකු ලූනු වගාව ආරම්භ කරන ලද්දේ අසූවේ දශකයේදීය. එම වගාව ආරම්භ කළ කාලයේ කෘෂිකර්ම නිලධාරීන් දැඩි කැපවීමක් සිදුකර ගොවීන් දැනුවත් කර ඔවුහු එම වගාව කෙරෙහි යොමු කළහ. එදා මෙදාතුර කාලගුණික හේතු වෙළෙඳපොළේ ඇතිවූ වෙනස්කම්, රජයේ ප්‍රතිපත්ති අනුව ලොකුලූනූ අස්වනු අඩු වැඩිවීම් සිදුවිය. කෙසේවෙතත් 2015 දක්වා මාතලේ දිස්ත්‍රික්කයේ හා මහවැලි කලාප තුළ වගා කළ ලූනු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 3800 දක්වා ඉහළ දැමීමට ගොවීහු සමත් වූහ. නමුත් පසුගිය වසරේදී එම ප්‍රමාණය හෙක්ටයාර 600 දක්වා අඩුවී තිබිණි. මාතලේ දිස්ත්‍රික්කය තුළ හෙක්ටර්ආර 3000ක් පමණ භූමියක ලූනු වගා කර තිබුණි. එයින් වැඩි ප්‍රමාණයක් වගාකර ඇත්තේ දඹුල්ල හා ගලේවෙල කලාප තුළය. 2019 වනවිට ඒ තත්ත්වය ඉතා ඛේදජනක ලෙස පහත වැටී තිබුණි. ඒ අනුව වගා කළ මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 400 දක්වා අඩුවිය.මේ තත්ත්වයට හේතු ගැන ගොවීහු මෙසේ කීහ.

එස්.ඒ.රත්නපාල (54)පට්ටිවෙල- මම අවුරුදු 20ක් 25ක් පමණ මහා පරිමාණයෙන් ලොකු ලූනු වගාකරන ගොවියෙක්. 2007 මාතලේ දිස්ත්‍රික්කයේ හොඳම කෘෂි ව්‍යවසායකයා ලෙස පැවැත්වූ තරගයෙන් 02වැනි ස්ථානය ඇතුළු තරග කිහිපයකින් ජයග්‍රහණත් ලබා තිබෙනවා. 2015න් පසුව ලොකුලූනු වගාවට කණකොකා ඇඬුවා කීවොත් නිවැරදියි. 2015 වනතුරු එක කන්නයකට මම ලොකු ලූනු කිලෝ ලක්ෂ 5ක පමණ අස්වැන්නක් ලබා ගන්නවා. ඊට අමතරව ලූනු බීජ කිලෝ 400 ත් 500ත් අතර නිෂ්පදනය කරනවා. 2015න් පස්සේ ලූනු වගාව කෙරෙහි කලකිරීම් ඇති වූණා.

ඒ අනුව කාලගුණික හේතු මත ලූනු වගාව විනාශ වුණා. අක්කරයකට රුපියල් 40,000/= බැගින් වන්දි ලබා දෙන බව රජය පැවැසුවා. නොයෙක් ඇමැතිවරු සමඟ ඔලුවේ කෙස් ගාණට සාකච්ඡා කළා. අද වනතුරු ප්‍රතිඵලයක් නෑ. 2018 නිෂ්පාදනය කළ ලූනු බීජ කිලෝ 400ක් අලෙවි කර ගැනීම සඳහා රජයට බාර දුන්නා. අද වනතුරු මුදල් ලැබුණේ නෑ. ඒ අනුව මම ඇතුළු ගොවීන් සියගණනකට ලක්ෂ ගණන් පාඩු වුණා.

 

'ශක්ති' ගොවි සංවිධානයේ සභාපති අයි.ජී.සේනසිංහ බණ්ඩා (බඹරගස්වැව)- ලූනු අස්වැන්න නෙලන කාලයට ගොවියාට සාධාරණ මිලක් නොලැබිම නිසා එම වගාව අඩාළ වී තිබෙනවා. ඊට අමතරව 2018 වසරේ කාලගුණික හේතු නිසා විනාශ වූ ලූනුවලට වන්දි දෙන බව රජය පැවැසුවත් වන්දි මෙතෙක් ලබා දී නෑ. ඊට අමතරව ගොවින්ගෙන් ලබා ගත් ලූනු බීජවලට මුදල් ලබා දිමට කාෂි නිලධාරීන් මැදිහත් වුණේ නෑ.මෙසේ වන්දි හා හිඟ මුදල් නොලැබූ ගොවීන්ගේ සංඛ්‍යාව 1549ක් වූ අතර එයින් වන්දි ලැබී ඇත්තේ 100කට අඩු ගොවීන් පිරිසකටයි.

මේ නිසා ගොවීන් වගාව ගැන කළකිරී සිටිනවා. 2014 වසරේ දේශීය ලූනු නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් 50000 ත් 60000ත් අතර වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 2019 වනවිට එම ප්‍රමාණයෙන් හයෙන් එකක්වත් නිෂ්පාදනය වී නැති බව වාර්තා වේ. ඒ සඳහා ඉහත දැක්වූ හේතු බලපා ඇත. 2014 වසරේ ලූනු ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 1200ක් වැය කර ඇත. පසුගිය කාලයේ අපේ රටේ පාරිභෝජනය සඳහා අවශ්‍ය ලූනූවලින් අඩක් දේශියව නිෂ්පාදනය කිරීමට හැකිවී තිබිණි.

 ගලේවෙල මධ්‍යම සමූහ පී .ජී.ගුණතිලක

නව අදහස දක්වන්න