ඉදිරියේ දී කිසිසේත් විදුලි කප්පාදුවක් නෑ | දිනමිණ


 

ඉදිරියේ දී කිසිසේත් විදුලි කප්පාදුවක් නෑ

රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

ඉදිරි කාලයේ කිසිසේත් විදුලි කප්පාදුවක් සිදු‍නොකරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක, පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී ය.

පසුගිය වසර 5ක කාලය ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය භාරව සිටි කිසිම ඇමැතිවරයෙක් එකදු විදුලි ඒකකයක් වත් ජාතික විදුලිබල බද්ධතියට එක් කිරීමට කටයුතු නොකළ බවත් පැවැසූ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා, මේ හේතුවෙන් මෙගාවොට් 100ක හදිසි විදුලිය මිල දී ගැනිමක් වෙත යාමට වත්මන් රජයට සිදු වූ බවත් පෙන්වා දුන්නේය.

වසර 5ක කාලයක් නැවතී තිබූ සියලු බලාගාරවල වැඩ මාර්තු මාසය වනවිට ආරම්භ කරන බවද, රවී කරුණානායක මහතාගේ කාලයේ අධික මිලට අස්සන් කළ සියලු ගිවිසුම් අවලංගු කිරීමට කටයුතු කරන බවද පැවසීය.

 සිතාරා සේනානි,

නව අදහස දක්වන්න