සයිබර් ප්‍රහාරවලට කොරෝනා යොදාගෙන අවධානයෙන් ඉන්න | දිනමිණ

සයිබර් ප්‍රහාරවලට කොරෝනා යොදාගෙන අවධානයෙන් ඉන්න

සුභාෂිණී සේනානායක

සයිබර් ප්‍රහාර එල්ල කිරීම සඳහා හැකර්වරු COVID-19 වයිරසය ප්‍රයෝජනට ගන්නා බවත්, ශ්‍රී ලංකා අන්තර්ජාල පරිශීලකයන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළ COVID-19 වයිරසයේ ස්වභාවය නිසා එම වයිරසය පිළිබඳ සෑම තොරතුරක් ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ අවධානය දිනා ගැනීමට නැඹුරු වී ඇති බවත්, එහි ප්‍රතිපලයක් ලෙස සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල් උපයා ගැනීමේ චේතනාවෙන් සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ අනිෂ්ට මෘදුකාංග බෙදා හැරීම සඳහා සයිබර් අපරාධකරුවන් මෙම හදිසි අවස්ථාව යොදාගනිමින් සිටින බව කියයි

Covid-19 වයිරසය සම්බන්ධයෙන් නවතම තතු ඊමේල් මගින් දැනුවත් කිරීමේ මුවාවෙන් ඊමේල් පණිවිඩ හරහා බලයලත් මහජන සෞඛ්‍ය ආයතනයක් සේ පෙනී සිටිමින් අනිෂ්ට කේත ඇතුළත් Microsoft Word or PDF ගොනුවක් ආකාරයෙන් Emotet වැනි ට්‍රෝජන් අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගණයකයට ජංගම දුරකතනයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ ලොවපුරා වාර්තා වන බව කියා සිටින එම සංගමය මෙවැනි ඊමේල් පණිවිඩ සැලකියයුතු ප්‍රමාණයක් ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන්ට ලැබී ඇති බවට තම සංගමය විශ්වාස කරන බවත් කියා සිටී.

Covid-19 සම්බන්ධ ඊමේල් පණිවිඩයක් තමන්ට ලබුනුහොත් එම පණිවිඩය විවෘත කිරීමට යාමෙන් වළකින ලෙසට ද එම සංගමය ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙයි.

නව අදහස දක්වන්න