Cut, Copy, Paste නිර්මාතෘ සමු ගනී | දිනමිණ

Cut, Copy, Paste නිර්මාතෘ සමු ගනී

Cut, Copy, Paste නිර්මාතෘ ලොවින් සමු ගනී 

තාක්ෂණය සමඟ ඉදිරියට යන මිනිසාට පරිගණකය කියන්නේ නැතිවම බැරි අංගයක්. මුල්ම පරිගණකය කාමරයක් තරම් විශාල එකක් වුණා. 

නමුත් පසු කාලයේ තාක්ෂණික දියුණුව සමඟ පරිගණක ඉතා කුඩා වුණා.පරිගණකය පමණක් නොව ජංගම දුරකථනයත් පෙරලිකාර භාණ්ඩයක්. 

මේ කාරණා අතර ලැරි ටෙස්ලටර් හට හිමි වෙන්නේ සුවිශේෂ තැනක්. ඒ පරිගණකයේ හා දුරකථනයේ භාවිතා වන පහසු යෙදුමක් මොහු නිර්මාණය කළ නිසා. 

පරිගණක භාවිතයේ දී වඩාත් අවශ්‍ය වන විධානයන් වන  Cut, Copy , Paste විධානය මොහු විසින් හඳුන්වා දෙනවා.

1945 නිව්යෝර්ක් නගරයේ උපත ලද  ලැරී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක සම්බන්ධ උපාධිය ලබා ගන්නවා. උපාධියෙන් පසු ඔහු කෘත්‍රීම බුද්ධි පර්යේෂණ වල නිරත වනවා. 

සමාගම් රැසකට මොහු තමන්ගේ දායකත්වය දක්වනවා. ඔහු IBM සමාගමේ සේවය කරනවා. 

පසු කලක ඉන් ඉවත්ව ආයතන කිහිපයක ඔහු සේවය කරනවා. ඇපල් සමාගමේ,ඇමසන් සමාගමේ ද සේවය කරනවා.

පරිගණක ලෝකයට විශාල සේවයක් කළ මොහු ගිය සඳුදා මුළු ලොවින්ම සමු ගන්නවා.

 (පිටපත - යසාරා චතුරානි)

නව අදහස දක්වන්න