දීඝ­වාපි දහම් පාස­ලට ඩෙස් පුටු ටිකක් දෙමුද | දිනමිණ

දීඝ­වාපි දහම් පාස­ලට ඩෙස් පුටු ටිකක් දෙමුද

 

අම්පාර දීඝවාපි පරිවාර චෛත්‍යය හා සම්බන්ධ රාජමහා විහාරයේ සිරි රතන දහම් පාසලේ 01 වසර සිට 11 වසර දක්වා දරුවන් ඉරිදා දිනවල දහම් අධ්‍යාපනය ලබන අතර එම දරුවන්ට ඉගෙනීමට කිසිදු පහසුකමක් ලැබී නොමැති අතර එම දරුවන් ඉගෙනුම ලබන්නේ පැදුරු එළා බිම වාඩිවීමෙන් බව එහි ගිය අපගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම දරුවන්ට ඩෙස් පුටු කිහිපයක් ලබා දීමට හැකිනම් ඔවුන්ගේ දහම් පාසල් අධ්‍යාපනයට විශාල උපකාරයකි.

 

 තඹුත්තේගම සී.එම්.ආරියපාල

නව අදහස දක්වන්න