ජල නළය ඉක්ම­නින් හදමු ද? | දිනමිණ

ජල නළය ඉක්ම­නින් හදමු ද?

 පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිලධාරි වසමට අයත් විලුක ප්‍රදේශයේ දින ගණනාවක සිට ජල නළයක් පිපිරීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ලවෙමින් ඇති බවට ගම්වාසීහු චෝදනා නගති.

පුත්තලම ජල සම්පාදන මණ්ඩලයට අයත් මේ ජලනළ මාර්ගය මසකට වරක් මෙලෙස කැඩී යෑම හේතුවෙන් විශාල වශයෙන් ජලය ගලා අපතේ යන බව ගම්වාසීහු පවසති.

විලුක ප්‍රදේශයට ගමන් ගන්නා මේ ප්‍රධාන මර්ගය බොරළු අතුරා ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් ජල නළය පිපිරීයාම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් වාරි මාර්ගයක් බවට පත්ව ඇත.

වනාතවිල්ලුව සමූහ

කේ. ප්‍රියංකර කළුපහන

නව අදහස දක්වන්න