අධිවේගයේ සැප රිය ගිනි ගනී | දිනමිණ

අධිවේගයේ සැප රිය ගිනි ගනී

කිසිවකුටත් අනතුරක් නෑ

අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර බලා ධාවනයවූ අම්බලන්තොට ලංගම ඩිපෝවට අයත් සුඛෝපබෝගී බස්රථයක් ඊයේ (01) සවස 4.00 ට පමණ ඉමදුව සහ කොක්මාදුව අතර 110 කි.මී. කණුව අසලදී ගිනි ගෙන ඇත.

පින්නදූව අධිවේගී මාර්ගයේ විශේෂ කාර්ය බළකාය විසින් ගින්න නිවීමට කටයුතු කර තිබුනි.

බසයේ ගමන්ගත් කිසිවකුට හෝ කිසිදු අනතුරක් සිදුවී නැති බව පින්නදූව අධිවේගී මාර්ග පොලිසිය පවසයි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැති අතර උප පොලිස් පරීක්ෂක විජේරත්න, 28581 පොලිස් සැරයන් බුලේගොඩ, 60658 මධුශාන්, පොලිස් රියැදුරු 22379 කුමාර යන නිලධාරීහූ පරීක්ෂණ කටයුතු මෙහෙයවූහ.

 විජිත සල්ගාදු - අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න