හිමි ගුණ සමරා පින්කම් රැසක් | දිනමිණ

හිමි ගුණ සමරා පින්කම් රැසක්

අපවත්වී වදාළ දරණාගම කුසලධම්ම නාහිමිගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම පසුගියදා දීඝවාපි රාජමහා විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර ශාස්ත්‍රපති මහඔය සෝභිත නාහිමියන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් හා ශ්‍රී සම්බෝධී විහාරාධිපති බොරලන්දේ වජිරඤණ නායක හිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ අයුරු.

1000කට අධික මහා සංඝරත්නය නව රටාවකට තනන ලද මුතු කුඩ යටින් හේවිසි කරුවන් 100ක් පමණ සහභාගි කරගනිමින් වැඩම කර විශේෂ ඖෂධ යොදා ගනිමින් පා දෝවනය කර වඩා හිඳුවා ඖෂධීය ගිලන් පස පුජාව පවත්වා මහා සංඝරත්නයේ සුඛී සුවපත්භාවය උදෙසා රෝග පරික්ෂාව සඳහා අවශ්‍ය උපකරණ සහ බටහිර ඖෂධ මංජුසාව මෙන්ම හෙළ පාරම්පරික ඖෂධ අඩංගු ආයුර්වේද මංජුසා දහස් නමක් උදෙසා පුජා කිරීම, දහස් නමක් මහා සඟරුවන උදෙසා සුඛපටිපදාවෙන් පිළිවෙත් පුරනට නිරෝගී සුව සලසන විශේෂයෙන් සකසන ලද ඖෂධීය කොට්ටය සහ මෙට්ටය පුජා කිරිම, ඖෂධීය දැවයෙන් නිමවනලද සියළු රෝග නිවාරණ ඔසු ගුණයෙන් යුත් පැන් බඳුන් පුජා කිරීම සහ පන්දහසකින් යුත් මහා අටපිරිකර පුජාව, අසූහාරදහසක මහා ධර්මස්කන්ධය උදෙසා උපහාර පිණිස සිදු කළ අසුහාර දහසක මහා පහන් පුජාව, කල්ප ලක්ෂයක් පාරමී පුරා ක්ෂරපායාස දානයෙන් ප්‍රථම වරට බුදුන්වහන්සේ පුදනට භාග්‍ය ලද සුජාතා සිටු දියණිය සිතැගි ප්‍රර්ථනා සපල කර ගත්තේ යම් සේද දීඝවාපි මහා සෑ රජානන් වහන්සේ උදෙසා සිදු කළ 1008කින් සමන්විත ක්ෂිරපායාස සම්බුද්ධ පුජාව යනාදි පින්කම් රැසක් සිදු කළහ.

දමන සමූහ කේ.ඒ මෛත්‍රීපාල

 

නව අදහස දක්වන්න