කාක් ඇල්ලට යන්න පිවිසුම් මඟක් දෙනවාද ? | දිනමිණ

කාක් ඇල්ලට යන්න පිවිසුම් මඟක් දෙනවාද ?

මුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගම්මැදගම කාක් ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ආකර්ශනයට පත් වී තිබෙන ස්ථානයක් වුවත් පිවිසුම් මාර්ගයක් නොමැතිවීම බලවත් අඩුපාඩුවක් බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

ගම්මැදගම මහදොළ රක්ෂිතයෙන් ගලා බසින හීන්දොළෙන් හා මහදොළෙන් කාක් ඇල්ල පෝෂණය වන අතර ගම්මැදගම උප තැපැල් කාර්යාලය අසල සිට දැඩි බෑවුමක් සහිත දුෂ්කර අඩි පාරක් ඔස්සේ එම ස්ථානයට ළඟා වීමට සිදුවී ඇති බැවින්, වන රක්ෂිතයට හානියක් නොවන පරිදි ගල් පඩිපෙළක් ඉදි කර දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මෙහි නාම පුවරුවක් සවි කිරීමට පියවර ගත හොත් විදෙස් සංචාරකයන්ට විශාල පහසුවක් වන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මුලටියන විශේෂ

යුවන්ත නෙත්සර

 

නව අදහස දක්වන්න