ලෝක වනජීවි දිනය සමරමින් කැස්බෑවුන් රැසක් මුදාහරියි | දිනමිණ

ලෝක වනජීවි දිනය සමරමින් කැස්බෑවුන් රැසක් මුදාහරියි

මාර්තු 3 වෙනි දිනට යෙදෙන ලෝක වනජීවි දිනය සමරමින් අම්බලන්ගොඩ ඌරවත්ත කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ මගින් ආබාධිතව සිටි සංරක්ෂණය කරන ලද දුර්ලභ ගණයේ පොතු කැස්බෑවකු ඇතුළු කැස්බෑ පැටවුන් 300ක්අම්බලන්ගොඩ ඌරවත්ත මුහුදු තීරයේදී මුහුදට මුදා හරින ලදී.

මෙහිදී කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවාසි ජනතාවත් ලෝකවාසී ජනතාවටත් හානියක් සිදු නොවේවා ප්‍රාර්ථනා කරමින් මෙසේ කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීම සිදු කරන ලදී .

 

නව අදහස දක්වන්න